عن أنس بن مالك رضي الله عنه قال: كان رسول الله صلى الله عليه وسلم إذا غزا، قال: «اللهم أنت عَضُدِي ونَصِيرِي، بِكَ أَحُول، وبِكَ أَصُول، وبك أقاتل».
[صحيح] - [رواه أبو داود والترمذي]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයකට සහභාගී වූ විට: ((අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා වනුයේ ද ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.)) යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයක් අපේක්ෂා කළ විට හෝ එය ආරම්භ කරන විට හෝ මෙම අර්ථයෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ: අහෝ අල්ලාහ්, ඔබ මගේ උදව් කරුය. තවද ඔබ මගේ හොඳම උදව් කරුය. මම යම් කරුණකින් වෙනත් දෙයක් වෙත හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම දහමේ සතුරන් වෙත කඩා පනිනුයේ ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර