عن سعد بن أبي وقاص رضي الله عنه قَال: عَادَنِي رسول الله صلى الله عليه وسلم فقال: «اللَّهُمَّ اشْفِ سَعْداً، اللَّهُمَّ اشْفِ سَعْداً، اللَّهُمَّ اشْفِ سَعْداً».
[صحيح] - [متفق عليه واللفظ بنحوه لمسلم]
المزيــد ...

සඃද් ඉබ්නු අබී වක්කාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මාගේ සුවදුක් විමසූහ. එවිට එතුමා ((අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව.)) යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් මුස්ලිම්ට අයත්ය.

විවරණය

සඃද් ඉබ්නු අබී වක්කාස් -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසය: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ ඔහු රෝගාතුරව සිටිය දී ඔහුගේ සුවදුක් විමසා සිටියහ. එවිට එතුමා ((අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව.)) යැයි තුන්වරක් පවසා සිටියහ. මිනිසා, රෝගාතුරුව සිටින තම සහෝදරයාගේ සුවදුක් විමසීම නබි චරිතයෙන් වූවක් බව මෙය පෙන්වා දෙයි. එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උදාර ගුණාංග හා එතුමා තම මිතුරන් සමග ආශ්රය කළ ආකාරය මෙහිදී මනාවට පෙනේ. එතුමාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් අතර සිටි රෝගීන් බැහැදැක සුවදුක් විමසූහ. ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කළහ. එහිදී අදාළ පුද්ගලයාගේ නම සඳහන් කරමින් මොහුට සුවය දෙනු මැනව! යැයි තුන්වරක් ප්රාර්ථනා කිරීම සතුටු දායක බව පෙනී යයි. සැබැවින් රෝගියා සුව වීමට මෙය හේතුවක් වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර