عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم كان إذا أخذ مَضْجَعَهُ نَفَثَ في يديه، وقرأ بالمُعَوِّذَاتِ، ومسح بهما جسده. وفي رواية: أن النبي صلى الله عليه وسلم كان إذا أَوَى إلى فِرَاشِهِ كل ليلة جَمَعَ كَفَّيْهِ، ثم نَفَثَ فيهما فقرأ فيهما: «قل هو الله أحد، وقل أعوذ برب الفلق، وقل أعوذ برب الناس» ثم مسح بهما ما استطاع من جسده، يبدأ بهما على رأسه ووجهه، وما أَقْبَلَ من جسده، يفعل ذلك ثلاث مرات.
[صحيح] - [رواه البخاري بالروايتين]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නිදියහන ගත් විට එතුමාගේ දෙඅත් මත පිඹ ආරක්ෂාව පතන සූරාවන් දෙක පාරායනය කොට ඒ දෙකින් එතුමාගේ ශරීරය පිරිමදින්නෙකු වූහ. තවත් වාර්තාවක: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ නිදියහනට පැමිණි විට, සෑම රාත්රියකම එතුමාගේ අත් දෙක එකතු කොට ඒ දෙක මත පිඹ ඒ දෙකෙහි ‘කුල් හුවල්ලාහු අහද්’, ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ මෙන්ම ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ පාරායනය කොට පසුව ඒ දෙකින් තමන්ට හැකි පමණින් තම ශරීරය පිරිමැද්දාහ. තම හිස, තම මුහුණ හා තම ශරීරයේ ඉදිරි කොටසින් ඒ දෙක ආරම්භ කරයි. එසේ තුන් වරක් සිදු කරයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරිය වූ මෙලොව හා මතුලොව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාව වූ ආඉෂා තුමිය අපට මෙසේ දන්වා සිටියාය. මෙය ශුද්ධ වූ නබිතුමාණන්ගේ පිළිවෙතයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම රාත්රියකම නිදා ගන්නට ගත් විට එතුමාගේ අත් දෙක එකට එකතු කර පසුව ඒ දෙකෙහි කෙල නොතැවෙරෙන පරිදි සියුම් ලෙස පිඹ, ඒ දෙකෙහිම ‘කුල් හුවල්ලාහු අහද්’, ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ මෙන්ම ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ යන සූරාවන් පාරායනය කරන්නෙකු වූහ. එය පළමුව පිඹ පසුව පාරායනය කළ ද එසේ නැතහොත් පළමුව පාරායනය කොට පිම්ඹ ද එහි හානියක් නැත. ඊට හේතුව මෙම හදීසය පිළිවෙලක් හා එකිනෙකට පරව පවතින්නක් වෙත පෙන්වා දී නැති බැවිණි. පසුව තමන්ගේ ශරීරයෙන් තම හිස තම මුහුණ හා තම ශරීරයේ ඉදිරි කොටසින් ආරම්භ කරමින් ඒ දෙකින් පිරිමැද්දාහ. අල් කුර්ආනය පාරායනය කිරීම, පිඹීම හා පිරිමැදීම යන කරුණු තුන්වරක් බැගින් එතුමා එසේ සිදු කරන්නට වූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර