عَنْ عَلِيٍّ رَضيَ اللهُ عنهُ أَنَّ مُكَاتَبًا جَاءَهُ، فَقَالَ: إِنِّي قَدْ عَجَزْتُ عَنْ مُكَاتَبَتِي فَأَعِنِّي، قَالَ: أَلاَ أُعَلِّمُكَ كَلِمَاتٍ عَلَّمَنِيهِنَّ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، لَوْ كَانَ عَلَيْكَ مِثْلُ جَبَلِ صِيرٍ دَيْنًا أَدَّاهُ اللَّهُ عَنْكَ، قَالَ:
«قُلْ: اللَّهُمَّ اكْفِنِي بِحَلاَلِكَ عَنْ حَرَامِكَ، وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ».
[حسن] - [رواه الترمذي] - [سنن الترمذي: 3563]
المزيــد ...
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නිදහස ලියන ලද වහල් තැනැත්තෙකු එතුමා වෙත පැමිණ මෙසේ ප්‍රකාශ කළේය: "සැබැවින්ම මට මාගේ ලියවිල්ල ඉටු කර ගැනීමට අපොහොසත් වී ඇත. එබැවින් මට උදව් කරන්න." එතුමා මෙසේ පැවසූහ. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට ඉගැන්වූ වදන් කිහිපයක් මම ඔබට කියා දිය යුතු නොවේ ද! සීර් කන්ද මෙන් ඔබට ණය තිබුණ ද ඔබ වෙනුවෙන් අල්ලාහ් එය ඉටු කර දෙනු ඇත." පසුව මෙසේ පවසා සිටියහ.
ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" තේරුම: අහෝ දෙවිඳාණනි! ඔබ විසින් තහනම් කළ දැයින් වැළකී ඔබ නිත්‍යානුකූල කළ දැයින් මා සෑහීමට පත් කරනු මැනව. ඔබේ භාග්‍යය තුළින් ඔබෙන් තොර අන් අයගෙන් මා අවශ්‍යතා රහිත අයකු බවට පත් කරනු මැනව.
[حسن] - [رواه الترمذي] - [سنن الترمذي - 3563]
මුඃමින්වරුන්ගේ ප්‍රධාන පෙළේ නායකයකු වූ අලී ඉබ්නු අබී තාලිබ් වෙත වහල් මිනිසෙකු පැමිණ සැබැවින්ම ඔහුගේ ස්වාමියා නිදහස ලියා ඇති බවත් නිදහස් පුද්ගලයකු වීමට ඔහු ඔහුවම මිලට ගෙන ඔහුව මුදා හැරීමට ඔහු එකඟ වූ බවත් ඔහු සතුව මුදල් නැති බවත් ප්‍රකාශ කර සිටියේය. එවිට එතුමා මෙසේ පැවසූහ: නියත වශයෙන්ම මා වෙත පැවරුණු දෑ පියවීමට මම අපොහොසත් වී ඇත්තෙමි. එබැවින් මුදලින් එය පියවීමට හෝ ඒ ගැන කියා දීමෙන් හෝ මඟපෙන්වීමෙන් හෝ මට උදව් කරනු මැනව. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට කියාදුන් වචන කිහිපයක් ඔබට මා කියා දිය යුතු නොවේ ද! ඔබ වෙත තයිඉ ගෝත්‍රයට අයත් 'සීර්' නම් කන්ද තරම් ණය පැවරී තිබුණ ද ඔබ විසින් එහි හිමිකරුට පියවීම සඳහා අල්ලාහ් පහසුකම් සළසනු ඇත. එහි අවමානයෙන් ඔබව ඔහු මුදවා ගනු ඇත. යැයි පවසා: ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී" මා වෙනතකට යොමු කරනු මැනව; මා දුරස් කරනු මැනව. "බි හලාලික" ඔබ අනුමත කළ දෑ තුළින් "අන්" වැටීමෙන් "හරාමික" ඔබ තහනම් කළ දැයින්, "වඅග්නිනී" මා සෑහීමට පත් කරනු මැනව. "බිෆළ්ලික" ඔබේ භාග්‍යයෙන් "අම්මන් සිවාක්" සෙසු මැවීම්වලින්.