عن سليمان بن صُرَدٍ رضي الله عنه قال: كنت جالسًا مع النبي صلى الله عليه وسلم ورجلان يَسْتَبَّانِ، وأحدهما قد احْمَرَّ وجْهُه، وانْتَفَخَتْ أَوْدَاجُهُ، فقال رسول الله صلى الله عليه وسلم : «إِنِّي لأعلم كلمة لو قالها لذهبَ عنه ما يجد، لو قال: أعُوذ بالله من الشَّيطان الرجيم، ذهبَ منه ما يَجد». فقالوا له: إن النبي - صلى الله عليه وسلم - قال: «تَعَوَّذْ بالله من الشيطان الرجيم».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටින බව සැළ කර සිටියෝය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ සඳහන් කරයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉදිරියේ මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වෙනස් වන තරමට ඔහුගේ කෝපය දරුණු විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති කෝපය ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පවසා සිටියේ නම්, ඊට හේතුව සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් හට ගැණුන එකක් වන බැවිණි. එවිට මිනිසා අල්ලාහ් වෙත යොමු වී ෂෙයිතාන්ගේ නපුරින් ආරක්ෂාව ඔහුගෙන් පැතුවේ නම් මෙම වදනේ භාග්යය තුළින් ඔහුට අත්වන කෝපය උත්තරීතර අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු එම පුද්ගලයාට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටින බව සැළ කර සිටියෝය. ඇතැම් වාර්තාවලට අනුව සැබැවින්ම කෝපයේ දරුණුභාවය එය අඩු කළේ නැත. ඔහු ‘මට පිස්සු හැදී ඇත්දැ?’යි විමසා ඇති බව සඳහන් වී ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර