عَن أَبي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ قَالَ: رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ رَسُولًا، وَجَبَتْ لَهُ الْجَنَّةُ».
[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 1529]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබිහුම්මදින් රසූලා" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය."
තේරුම: (අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් ධර්ම දූතයා ලෙසත් මම පිළිගත්තෙමි.)
[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود - 1529]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්" අල්ලාහ් මාගේ පරමාධිපතියාණන්, දෙවිඳාණන්, පරිපාලකයාණන්, රජාණන්, නායකයාණන් හා ප්‍රතිසංස්කරණය කරන්නාණන් යැයි පිළිගත්තෙමි. "වබිල් ඉස්ලාමි" ඉස්ලාමය, එහි නියෝග හා තහනම් අතර ගොඩනැගුණු සියලුම නීති සමග. "දීනන්" පිළිවෙත, නීතිය පිළිපදිමින් හා යටත් වෙමින් එය පිළිගත්තෙමි. "වබිහුම්මදින් රසූලා" මුහම්මද් තුමාණන් වෙත එවන ලද, එතුමාණන් විසින් අපට දන්වා සිටි සියලුම දෑ සමග වක්තෘවරයා ලෙස පිළිගත්තෙමි" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය.