عن أنس رضي الله عنه قال: كان أكثر دعاء النبي صلى الله عليه وسلم : «اللهم آتنا في الدنيا حسنة، وفي الآخرة حسنة، وقنا عذاب النار.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමණන්ගේ ප්රාර්ථනා අතරින් වැඩිහරියක් එතුමා කළ ප්රාර්ථනාව වූයේ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මෙම පැතුම ප්රාර්ථනා කරන්නෙකු වූහ. එය අල් කුර්ආනයේ වූ උතුම් පාඨයකි. මෙලොව හා මතුලොව කරුණු සියල්ල අන්තර්ගතව ඇති බැවින් මෙම පැතුම එතුමාණන් අධිකව පවසන්නෙකු වූහ. මෙහි යහපත යනු ආශිර්වාදයයි. ඒ අනුව එතුමා මෙලොවෙහි හා මතුලොවෙහි ආශිර්වාදය අයැද සිටියහ. එමෙන්ම නිරා ගින්නෙන් වූ ආරක්ෂාවද පැතූහ. මෙලොවෙහි යහපත පැතීම යනු සියලු ඉල්ලීම් හා ආශාවන් පැතීමය. මතුලොව යහපත අති විශාල ආශිර්වාදයයි. එය අල්ලාහ්ගේ තෘප්තිය හා ස්වර්ගයට පිවිසීමේ භාග්යයයි. නිරා ගින්නෙන් වූ ආරක්ෂාව වනාහි, එය ආශිර්වාදයේ පූර්ණත්වයයි. බිය හා අභාග්යය දුරලීමයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර