عن شداد بن أوس رضي الله عنه عن النبي صلى الله عليه وسلم : "سيد الاستغفار أن يقول العبد: اللهم أنت ربي لا إله إلا أنت خلقتني وأنا عبدك وأنا على عَهْدِكَ وَوَعْدِكَ ما اسْتَطَعْتُ أعوذ بك من شر ما صنعتُ أَبُوءُ لك بنعمتك عليَّ وأَبُوءُ لك بذنبي فَاغْفرْ لي فإنه لا يغفر الذنوب إلا أنت".
[صحيح] - [رواه البخاري]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට ෂද්දාද් ඉබ්නු අව්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ප්රධාන ඉස්තිග්ෆාරය (පාපක්ෂමාව අයැදීම) වනුයේ ගැත්තා මෙසේ පැවසීමය. اللهم أنت ربي لا إله إلا أنت خلقتني وأنا عبدك وأنا على عَهْدِكَ وَوَعْدِكَ ما اسْتَطَعْتُ أعوذ بك من شر ما صنعتُ أَبُوءُ لك بنعمتك عليَّ وأَبُوءُ لك بذنبي فَاغْفرْ لي فإنه لا يغفر الذنوب إلا أنت (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.)
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම ප්රාර්ථනාවේ වචන පෙළ පාපක්ෂමාව පැතීමෙහි ප්රධාන වචන පෙළ මෙන් පවතී යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා සිටියහ. එනම්: اللهم أنت ربي لا إله إلا أنت خلقتني وأنا عبدك وأنا على عَهْدِكَ وَوَعْدِكَ ما اسْتَطَعْتُ أعوذ بك من شر ما صنعتُ أَبُوءُ لك بنعمتك عليَّ وأَبُوءُ لك بذنبي فَاغْفرْ لي فإنه لا يغفر الذنوب إلا أنت (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) පළමුව ගැත්තා දේව ඒකීයත්වය පිළිගනියි. එමෙන්ම තමන්ට හැකි පමණින් අල්ලාහ්ව විශ්වාස කිරීමටත් ඔහුට අවනත වීමටත් අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම හැකි පමණින් ඉටු කරයි. එය අල්ලාහ් වෙනුවෙන් වූ වුවමනාවක් නොවන අතර ඔහු සතු යුතුකම වන්නේය. ඊට හේතුව සැබැවින්ම ගැත්තා ඒ සමග නැමදුම් ඉටු කරනු ඇත. නමුත් අල්ලාහ් නියෝග කළ සියල්ලක්ම පිළිපදින්නට නොහැකිය. ඔහු පිරිනැමූ ආශිර්වාද සඳහා කෘතඥවීමට අනිවාර්යය වූ කටයුතු ක්රියාත්මක කිරීමට නොහැකිය. පසුව ඔහු අල්ලාහ් වෙත යොමු වෙයි. ඔහු තුළින් ආරක්ෂාව පතයි. ගැත්තා කරන නපුරෙන් ආරක්ෂාව සලසන්නා ඔහුය. පසුව ගැත්තා පිළිගනියි. ඔහු වෙත පිරිනැමූ ආශිර්වාද හේතුවෙන් ඔහුට යටත්වීම පිළිගනියි. තමන්ගේ පාප හා තම වැරදි පිළිගැනීමෙන් ඔහු වෙත යොමු වෙයි. පසුව ඔහුගේ සමාවෙන් ඔහුගේ භාග්යයෙන් ඔහුගේ කරුණාවෙන් තම පාපකම් වසන් කරන මෙන් ද එහි බලපෑම්වලින් ආරක්ෂා කරන මෙන් ද අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරයි. කීර්තිමත් ඔහු හැර එම පාපකම් සමා කිරීමට වෙනත් කිසිවකු නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර