عن عبد الله بن مسعود رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «عليكم بالصدق، فإن الصدق يهدي إلى البِرِّ، وإن البر يهدي إلى الجنة، وما يزال الرجل يصدق ويَتَحَرَّى الصدق حتى يكتب عند الله صِدِّيقًا، وإياكم والكذب، فإن الكذب يهدي إلى الفجور، وإن الفجور يهدي إلى النار، وما يزال الرجل يكذب ويَتَحَرَّى الكذب حتى يكتب عند الله كَذَّابا»
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සත්යය පිළිපැදීම නුඹලා වෙත පැවරුණු වගකීමකි. සැබැවින්ම සත්යය දැහැමිකම වෙත මග පෙන්වයි. දැහැමිකම ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්යය කතා කරමින් සත්යය විමර්ශනය කරමින් සිටින තාක්කල් ඔහු සත්යවාදියකු ලෙස අල්ලාහ් අබියස සටහන් කරනු ලැබේ. බොරුව ගැන මම නුඹලාට අවවාද කරමි. සැබැවින්ම බොරුව දුෂ්ටකම වෙත මග පෙන්වයි. සැබැවින්ම දුෂ්ටකම අපා ගින්න වෙත මගපෙන්වයි. බොරු පවසමින් බොරුව විමර්ශනය කරමින් සිටින තාක්කල් ඔහු අල්ලාහ් අබියස බොරුකාරයකු ලෙස සටහන් කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සත්යය කතා කිරීමටත් එය පිළිපැදීමටත් එය විමර්ශනය කිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දිරි ගැන්වූහ. එමෙන්ම මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි එහි ප්රතිඵල හා එහි ප්රශංසනීය අවසාන ගැන පැහැදිලි කළහ. සත්යය යනු ස්ර්ගය වෙත වූ මාර්ගය පෙන්වන දැහැමිකමේ මූලයයි. මිනිසා සත්යය පිළිපදින විට අල්ලාහ් අබියස ඔහුව සත්යයවාදීන් සමග ලියනු ලැබේ. එහි යහපත් අවසානයක් පිළිබඳ සංකේතවත් කරන අතර අවසන් ප්රතිඵලය ආරක්ෂාකාරී බව සංකේතවත් කර ඇත. එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා බොරු පැවසීම ගැන අවවාද කළ අතර එහි ඇති හානිය හා එහි අවසානයේ ඇතිවන දුර්භාග්යය පැහැදිලි කළේය. එය නිරා ගින්න වෙත වූ මාර්ගය පෙන්වා දෙන දුෂ්ටකමේ මූලය වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර