+ -

عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«كَلِمَتَانِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ، ثَقِيلَتَانِ فِي الْمِيزَانِ، حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ: سُبْحَانَ اللهِ الْعَظِيمِ، سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6406]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන්හට ප්‍රිය මනාප වදන් දෙකකි. සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය.- සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය."

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කිසිදු අසීරුතාවයකින් තොරව සෑම අවස්ථාවකම මිනිසාට පවසා සිටිය හැකි වදන් දෙකක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම ඒ දෙක තුළාවෙහි බරින් වැඩි වදන් දෙකක් වන අතර උත්තරීතර මහාකාරුණික අපගේ පරමාධිපතියාණන් ප්‍රිය කරන වදන් දෙකකි.
එනම්: සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය." සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය.- යන වදන් දෙක ය. අල්ලාහ්ගේ පූර්ණවත්භාවය හා බලධාරිත්වය ඉදිරපත් කරමින් අල්ලාහ්ව වර්ණනා කිරීම හා සියලු අඩුපාඩු වලින් ඔහු ව පිවිතුරු කිරීම එම වදන් ඇතුළත් කර ගෙන ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الليتوانية الدرية الصربية الصومالية الكينياروندا الرومانية المجرية التشيكية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අතිමහත් දික්රය නම්, එය අල්ලාහ්ව පිවිතුරු කිරීම හා ඔහු ප්‍රශංසාවට ලක් කිරීම යන කරුණු දෙක ඒකාබද්ධ වූ දික්රය වේ.
  2. අල්ලාහ් තම ගැත්තන් හට පෙන්වන ආදරයේ විශාලත්වය පැහැදිලි කිරීම. ඔහු සුළු ක්‍රියාවකට පවා ප්‍රතිඵල වශයෙන් මහත් සේ තිළිණ පිරිනමන්නාය.
අමතර