عن أبي سعيد الخدري رضي الله عنه مرفوعًا: "إياكم والجلوسَ على الطُّرُقَاتِ". قالوا: يا رسول الله، ما لنا بُدٌّ من مجالسنا، نتحدث فيها. قال: "فأما إذا أَبَيْتُمْ فأعطوا الطريق حَقَّهُ". قالوا: وما حَقُّهُ؟ قال: "غَضُّ البصر، وكَفُّ الأذى، ورد السلام، والأمر بالمعروف، والنهي عن المنكر".
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“මාර්ගවල වාඩිවී සිටීම ගැන මම නුඹලාට අවවාද කරමි.” ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ සභාවන්හි වාඩි වී එහි කතා කිරීම අපට අවශ්ය කරුණක් වී ඇත. එවිට එතුමා: "c2">“නුඹලා එසේ ප්රතික්ෂේප කරන්නෙහු නම් මාර්ගයට එහි අයිතිය පිරිනමනු.” යැයි පැවසූහ. ඔවුහු: එහි අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මාර්ගවල වාඩි වී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහාබාවරුන්ට අවවාද කළෝය. එවිට ඔවුහු ‘එය අපට අවශ්ය වී ඇත’ යැයි පැවසුවෝය. එවිට එතුමා: නුඹලා එසේ වැළකී වාඩි වී සිටීමට නුඹලාට අවශ්යය වූ විටක මාර්ගයේ අයිතිය පිරිනැමීම නුඹලාට අනිවාර්යය වන්නේය යැයි පැවසූහ. එවිට ඔවුහු මාර්ගයේ අයිතිය කුමක්දැ?යි ඔවුහු එතුමාගෙන් විමසුවෝය. එවිට එතුමා ඔවුනට මෙසේ දැන්වීය. ඔවුන්ගේ ඉදිරියෙන් ගමන් කරන කාන්තාවන් දෙස බැල්ම හෙලීම මැඩගැනීම, මගීන්හට වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ හිංසා කිරීම වැළකීම, තමන් වෙත සලාම් පවසන්නන්හට ප්රතිචාර දැක්වීම, යහපත නියෝග කිරීම, ඔවුන් ඉදිරියේ යම් පිළිකුල් සහගත කරුණක් දුටු විට එය වැළැක්වීම ඔවුනට අනිවාර්යය වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර