+ -

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رضي الله عنهما أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِذَا دَخَلَ الرَّجُلُ بَيْتَهُ، فَذَكَرَ اللهَ عِنْدَ دُخُولِهِ وَعِنْدَ طَعَامِهِ، قَالَ الشَّيْطَانُ: لَا مَبِيتَ لَكُمْ، وَلَا عَشَاءَ، وَإِذَا دَخَلَ، فَلَمْ يَذْكُرِ اللهَ عِنْدَ دُخُولِهِ، قَالَ الشَّيْطَانُ: أَدْرَكْتُمُ الْمَبِيتَ، وَإِذَا لَمْ يَذْكُرِ اللهَ عِنْدَ طَعَامِهِ، قَالَ: أَدْرَكْتُمُ الْمَبِيتَ وَالْعَشَاءَ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2018]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නිවසට ඇතුලු වීමට හා ආහාර ගැනීමට පෙර අල්ලාහ්ව මෙනෙහි කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අණ කළහ. යමෙකු නිවසට ඇතුලු වන අවස්ථාවේ හා ආහාර ගන්නා අවස්ථාවේ 'බිස්මිල්ලාහ්' යනුවෙන් පවසා අල්ලාහ්ව මෙනෙහි කළ විට, ෂෙයිතාන් තම මිතුරන්ට: 'උත්තරීතර අල්ලාහ්ව සිහිපත් කරමින් නුඹලාගෙන් ආරක්ෂාව පැතූ තැනැත්තාගේ නිවසෙහි නවාතැන් හෝ ආහාර කිසිවක් නුඹලාට නැත' යැයි පැවසීය. තම නිවසට ඇතුලු වන මිනිසා, එසේ ඇතුලු වන අවස්ථාවේ හෝ ආහාර ගන්නා අවස්ථාවේ හෝ අල්ලාහ්ව සිහිපත් නොකළේ නම්, ෂෙයිතාන් තම සහායකයින්ට: 'සැබැවින්ම එම නිවසෙහි නවාතැන් හා රාත්‍රී භෝජන තමන් ලබනු ඇතැ'යි පවසා සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الدرية الصومالية الكينياروندا الرومانية التشيكية المالاجاشية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නිවසට ඇතුලු වන අවස්ථාවේ හා ආහාර ගන්නා අවස්ථාවේ අල්ලාහ්ව මෙනෙහි කිරීම සතුටුදායකය. හේතුව, උත්තරීතර අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නො ලැබුවේ නම්, ෂෙයිතාන් එම නිවෙස්වල රාත්‍රිය ගත කරන අතර එහි වැසියන්ගේ ආහාර අනුභව කරනු ඇත.
  2. මිනිසාගේ ක්‍රියා කාරකම්, ඔහුගේ හැසිරීම් හා ඔහුගේ සියලු කටයුතු ගැන ෂෙයිතාන් මාන බලමින් සිටියි. ඔහුට අල්ලාහ්ව සිහිපත් කිරිමට අමතක වූ සැනින් ෂෙයිතාන් තම අරමුණ ඔහුගෙන් ඉෂ්ට කරගනු ඇත.
  3. අල්ලාහ්ව මෙනෙහි කිරීම ෂෙයිතාන්ව පළවා හරිනු ඇත.
  4. සෑම ෂෙයිතානුවෙකුටම අනුගාමකයින් හා සහායකයින් සිටිති. ඔවුහු ඔහුගේ ප්‍රකාශය තුළින් ඔවුන් සතුටු වන අතරම ඔහුගේ නියෝගය පිළිපදිති.
අමතර