උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් ඔහුගේ සගයින් දෙස බලා: ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්රී ආහාරයත් නැත.යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි නොකළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්රී ආහාරයත් ලැබුවෙහුය යැයි පවසයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ දෙවියනි, මම ඔබෙන් යහමඟ, බැතිමත්කම, නිහතමානිකම හා සිතෙහි පොහොසත්කම පතමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද...
عربي ඉංග්‍රීසි ප්‍රංශ
‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. අල්ලාහ් ඉමහත් අති ශ්රේෂ්ඨය.) යැයි පවසන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යා දල් ජලාලි වල් ඉක්රාම් යන පද භාවිතය අධිකව පිළිපදින්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ