عن الأغر بن يسار المزني رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «يا أيُّهَا النَّاسُ، تُوبُوا إلى اللهِ واسْتَغْفِرُوهُ، فَإنِّي أَتُوبُ في اليَّومِ مائةَ مَرَّةٍ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අල්-අගර් ඉබ්නු යසාර් අල් මුසනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමණන් වනාහි, එතුමා පෙර කළ හා පසු කළ පව් සඳහා සමාව දෙනු ලැබූවෙකි. එමෙන්ම පසුතැවිලි වන ලෙසත් පාපක්ෂමාව අයදින ලෙසත් එතුමා ජනයාට නියෝග කළ අතරම එතුමා ද දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වන බව දන්වා සිටියහ. එය එම දැහැමි ක්රියාවන් සම්බන්ධව සමූහයා පොළඹවීමක් වශයෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පාපක්ෂමාව අයැදීම යනු එතුමා සිදු කරන වැරදිවලට එය අවශ්යනොවන්නකි. නමුත් එතුමාගේ ගැතිමත්භාවයේ පූර්ණත්වය, අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔහු සමග ඇති කරගන්නා බැඳීම, අල්ලාහ්ගේ උරුමයේ මහඟුබව වටහා ගැනීම සඳහා විය. ගැත්තාගේ අඩුපාඩු සමගම මෙය ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥතාව පුද කිරීමේ ක්රියාවකි. මෙය එතුමාගෙන් පසුව අනෙකුත් තීන්දු සඳහා ආවේනික වූ සමාජයට ආගමානුගත කළ කරුණක් ද වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර