عن سعد بن أبي وقاص رضي الله عنه قال: جاء أعرابي إلى رسول الله صلى الله عليه وسلم فقال: عَلِّمْنِي كلامًا أقوله. قال: «قل: لا إله إلا الله وحده لا شريك له، الله أكبر كبيرًا، والحمد لله كثيرًا، وسبحان الله رب العالمين، ولا حول ولا قوة إلا بالله العزيز الحكيم» قال: فهؤلاء لربي، فما لي؟ قال: «قل: اللهم اغفر لي وارحمني واهدني وارزقني».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ගම්බද අරාබිවරයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘මා පැවසිය යුතු ප්රකාශයක් මට උගන්වන්නැයි ඉල්ලා සිටියේය. එතුමා “ඔබ لا إله إلا الله وحده لا شريك له، الله أكبر كبيرًا، والحمد لله كثيرًا، وسبحان الله رب العالمين، ولا حول ولا قوة إلا بالله العزيز الحكيم ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. අල්ලාහ් ඉමහත් අති ශ්රේෂ්ඨය. අධික වශයෙන්ම ප්රශංසා අල්ලාහ් සතුය. ලොවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය. මහා ප්රඥාවන්න සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත.) යැයි පවසන්න. ඔහු: මේවා මාගේ පරමාධිපති වෙනුවෙනි. මා වෙනුවෙන් කුමක් තිබේද? යැයි විමසීමය. එතුමා: اللهم اغفر لي وارحمني واهدني وارزقني අල්ලාහුම්මග් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්සුක්නී. (අහෝ අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට මග පෙන්වනු මැනව. මට පෝෂණය ලබා දෙනු මැනව!) යනුවෙන් පවසන්න.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ගම්බද අරාබිවරයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘ප්රකාශයක් මට උගන්වන්නැ?යි ඉල්ලා සිටියේය. එනම් දික්ර් හෙවත් අනුවාදයක්. ‘මම එය පවසමි’ එනම් කවර වේලාවක හෝ වේවා මම එය නිතර සිහිපත් කරමි. එතුමාණන් ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ’ යනුවෙන් ඒකීය කරණයේ සාක්ෂි පදයත් සමග ආරම්භ කළේය. එහි තේරුම සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. "c2">“අල්ලාහු අක්බර්” එනම් සියලු දෑට වඩා අති ශ්රේෂ්ඨය. "c2">“කබීරා” මෙය ශ්රෙෂ්ඨත්වය තහවුරු කිරීමේ පදයකි. ඉමහත් අති ශ්රේෂ්ඨය. එසේ නැතහොත් එය එම ස්ථාවරය තහවුරු කිරීමක් විය හැක. "c2">“වල්හම්දු ලිල්ලාහි කසීරා” අධික වශයෙන් ප්රශංසා අල්ලාහ් සතුය. "c2">“වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්” එනම් සියලුම මැවීම්හි පරමාධිපති සුවිශුද්ධය. "c2">“ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’ එනම් අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයෙන් හා ඔහුගේ ප්රඥාවෙන් තොරව තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් විය නොහැක. ගැමි අරාබිවරයා මෙසේ පැවසීය. ‘මේවා මාගේ පරමාධිපති වෙනුවෙනි.” එනම් මෙම අනුවාද උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමටත් ඔහුව ගරුබුහුමන් කිරීමටත් තබන ලද දෑය. "c2">“මා වෙනුවෙන් කුමක් තිබේද?” යැයි විමසීමය. එනම් මා වෙනුවෙන් වන ප්රාර්ථනාව කුමක් ද? යන්නයි. එතුමා ඔබ "c2">“අල්ලාහුම්මග් ෆිර්ලී” එනම් සියලු පාපයන් මකා දැමීමෙන් මට සමාව දෙනු මැනව. "c2">“වර්හම්නී” එනම් නවතින හා යන එන හැම අවස්ථාවකම අවනත වීමේ භාග්යය පිරිනැමීමෙන් මට කරුණා කරනු මැනව. "c2">“වහ්දිනී” වඩාත් යහපත් තත්ත්වයන් වෙනුවෙන් මට මග පෙන්වනු මැනව. "c2">“වර්සුක්නී” එනම්: අනුමත ඉපැයීම් ශරීර සෞඛ්යය හා අනෙකුත් සියලු යහපත මට පෝෂණය කරනු මැනව”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර