عن عبد الله بن عمرو رضي الله عنهما مرفوعاً: «اللَّهُمَّ إني أعوذ بك من غَلَبَةِ الدَّيْنِ، وغَلَبَةِ العدو، وشَمَاتَةِ الأعداء».
[صحيح] - [رواه النسائي وأحمد]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. اللَّهُمَّ إني أعوذ بك من غَلَبَةِ الدَّيْنِ, وغَلَبَةِ العدو, وشَمَاتَةِ الأعداء අහෝ දෙවිඳුනි! (මා කෙරෙහි) ණය ඉහවහා යාමෙන් ද සතුරන් ඉක්මවා යාමෙන් ද සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නෙකු වූහ. ණය බරින් හා එය පියවීමට නොහැකි පරිදි ණය දරුණු වීමෙන් ආරක්ෂාව පැතූහ. එමෙන්ම සතුරන් තමන්ට එරෙහිව ජය ලැබීමෙන් ද තමන් මත ඔවුන් බලය යෙදවීමෙන් හා තීන්දු තීරණ ගැනීමෙන් ද තමන්ගේ ශරීරයට හෝ තම පවුලට හෝ තම වස්තුවට විපත් ඇති වීම හේතුවෙන් සතුරන් සතුටු වීමෙන් ද ආරක්ෂාව පැතූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර