عَنِ الحُسَينِ بنِ عَلِيٍّ بنِ أَبِي طَالِبٍ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«الْبَخِيلُ مَنْ ذُكِرْتُ عِنْدَهُ فَلَمْ يُصَلِّ عَلَيَّ».
[صحيح] - [رواه الترمذي والنسائي في الكبرى وأحمد] - [السنن الكبرى للنسائي: 8046]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව හුසෙයින් ඉබ්නු අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නො පවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - - [السنن الكبرى للنسائي - 8046]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමයට හෝ එතුමාණන්ගේ ගුණ නාමයට හෝ එතුමාණන්ගේ බැඳි නාමයට හෝ සවන් දෙන අවස්ථාවේ එතුමාණන්ට සලාවත් නො පැවසීම ගැන එතුමාණෝ අවවාද කළහ. එතුමාණෝ, "මහා මසුරා වනුයේ මා ගැන ඔහු ඉදිරියේ මෙනෙහි කළ විට මා කෙරෙහි සලවාත් නොපවසා සිටින්නාය" යැයි ද පවසා සිටියහ. ඊට හේතුව පහත සඳහන් කරුණුය.
පළමුවැන්න: ඔහු යමක් පිළිබඳ මසුරුකමින් කටයුතු කරයි. ඒ හේතුවෙන් සුළු වශයෙන් හෝ වැඩි වශයෙන් හෝ ඔහු අලාභ විඳියි. ඔහු ධනය වියදම් කරන්නේ නැත. එමෙන්ම ශ්‍රමය කැප කරන්නේ ද නැත. (වෙහෙස මහන්සි වන්නේ ද නැත.)
දෙවැන්න: ඒ හේතුවෙන් ඔහු, ඔහු වෙනුවෙන්ම අලාභය විඳ ගනියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පැවසීමේ කුසල ඔහු අහිමි කර ගනියි. මක්නිසාද යත් එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීමෙන් වැළකී සිටීමෙන් ඔහු තුළ මසුරුකම ඇති කර ගන්නා අතර, නියෝගයට අනුකූලව ඉටු කළ යුතු අයිතියක් ඉටු කිරීමෙන් හා එහි ප්‍රතිඵල ලබා ගැනීමෙන් වැළකී සිටින බැවිනි.
තුන්වැන්න: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් පවසා සිටීම යනු එතුමාණන්ගේ අයිතිවාසිකම් කොටසක් ඉටු කිරීමකි. මන්ද අපට ඉගැන් වූ තැනැත්තා එතුමාණන්ය. අපට මඟ පෙන් වූ තැනැත්තා එතුමාණන්ය. භාග්‍යවත්, උත්තරීතර වූ අල්ලාහ් වෙත අපව කැඳ වූ තැනැත්තා එතුමාණන්ය. එතුමාණෝ අප වෙත මෙම දිව්‍ය පණිවිඩය හා මෙම නීති පිළිවෙත ගෙන ආහ. - සර්වබලධාරී අල්ලාහ්ගෙන් පසුව- අපගේ මඟ පෙන්වීමට හේතු වූයේ එතුමාණන්ය. එහෙයින් එතුමාණන් කෙරෙහි යමෙක් යාච්ඥා නොකරන්නේ ද, ඔහු තමාටම මසුරු විය. ඔහු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට කළ යුතු ඉතා අවමම අයිතිය පවා පිරිනැමීමට ඔහු මසුරු විය.