عن أبي ذر الغفاري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «ألاَ أُخْبِرُكَ بِأَحَبِّ الكَلاَمِ إِلَى اللهِ؟ إنَّ أَحَبَّ الكلام إِلى الله: سبحان اللهِ وبحمدِهِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ දර් අල්-ගිෆාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ප්රකාශ කුමක්දැයි මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ප්රකාශ වනුයේ ‘සුබ්හානල්ලාහි වබිහම්දිහි’ යන ප්රකාශයයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම තස්බීහ් පැවසීම එනම් අල්ලාහ් පිවිතුරු කරමින් කරන ප්රකාශය අල්ලාහ්ට වඩාත් ප්රිය මනාප බව මෙම හදීසය පෙන්වා දෙයි. සැබැවින්ම තස්හීබ් හන්නෙහි තේරුම පාරිශුද්ධ වූ අල්ලාහ්ට සුදුසු නැති උපමා කිරීම්, සමාන කිරීම්, අඩුපාඩු යන සියල්ලෙන් ඔහුව පිවිතුරු කිරීම හා භෞතිකවාදීන් විසින් ඔහුගේ නම් විකෘති කර පවසන සියලු දැයින් පිවිතුරු කිරීමය. ‘බිහම්දිහි’ යනුවෙන් කරන ප්රකාශ කිරීම වනාහි, සැබැවින්ම තස්බීහ් හෙවත් මෙම පිවිතුරු කිරීම පිළිගැනීමකි. ඔහුගේ ප්රශංසාව තුළින් ඔහු පිවිතුරුය. එහි ඔහු සතුව ආශිර්වාදය ඇත. ඒ අනුව තේරුම වනුයේ, ‘ඔහු මට කළ ඔහුගේ භාග්යය හේතුවෙන් ඔහුට මා කරන ප්රශංසාවෙන් බැදී මම ඔහුව පිවිතුරු කරමි’ යන්නයි. ‘සුබ්හානල්ලාහි වබිහම්දිහි’ යන ප්රකාශය අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාප ප්රකාශයක් වන්නේය. එය ඔහුව පිවිතුරු කිරීම සුවිශුද්ධ කිරීම සියලුම ආකාරයේ ප්රශංසාවන් එහි අන්තර්ගතව ඇති බැවිණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර