عن أبي هريرة رضي الله عنه مرفوعاً: «يَعْقِدُ الشيطان على قَافِيَةِ رأسِ أحدِكم، إذا هو نام، ثلاث عُقَدٍ، يَضْرِب على كل عُقْدَةٍ: عليك لَيلٌ طويل فَارْقُدْ، فإن استيقظ، فذكر الله تعالى انحَلَّتْ عُقْدَةٌ، فإن تَوضِّأ، انْحَلّتْ عُقدَةٌ، فإن صلى، انْحَلَّتْ عُقَدُهُ كُلُّها، فأصبح نشيطا طَيِّبَ النفس، وإلا أصبح خَبِيثَ النَّفْس كَسْلَان».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් සෑම ගැටයක් මතම ෂෙයිතාන් ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

හදීසයේ තේරුම: නිදා ගන්නා සෑම කෙනෙකුගේම හිස් කෙළවරෙහි ෂෙයිතාන් ගැට තුනක් ගැට ගසයි. ගැට ගැසීම යන්නෙහි අර්තය. හූනියම් කරන්නා විසින් හූනීයම් කරනු ලබන්නා හට ගැට ගසන්නාක් මෙන් සමානය. ඔහු නූලක ගැට කිහිපයක් දමයි. එහි හූනියමට අදාළ දෑ කියවයි. ඒ අවස්ථාවේ හූනියම් කරනු ලබන්නාට බලපෑම් ඇති වන්නේය. ඉබ්නු මාජා සතු තවත් වාර්තාවක. "c2">“ඔබ අතර සිටින අය හට ඔහුගේ හිස කෙළවරෙහි රාත්රියේ ගැට තුනක් දමන ලද ළණුවක් තිබේ.” විශේෂයෙන්ම, හිස කෙළවරෙහි එසේ ගැට බැඳ තබනුයේ සැබැවින්ම එය බලවත් මධ්යස්ථානයක් හා එය ක්රියාත්මක කරන අංශයක් වන බැවිනි. එය ෂෙයිතාන්ට බලවත් සේ යටත් වීමට හා ඔහුගේ ඇරයුමට ඉතා ඉක්මණින් පිළිතුරු දීමට තුඩු දෙන ස්ථානයකි. ඒ මත ඔහු ගැට ගැසුවේ නම් මිනිසාගේ ප්රාණය මත අධිකාරිත්වය යොදන්නටත් ඔහුට නින්ද ඇති කිරීමටත් ෂෙයිතාන්ට අවස්ථාව හිමි වන්නේය. ‘සෑම ගැටයක් මතම පහර දෙයි’ එනම්, සෑම ගැටයක ස්ථානයක්ම නියම කරමින් හා තහවුරු කරමින් ෂෙයිතාන් තම අතින් පහර දෙයි. එසේ එම ගැටය දමනුයේ "c2">“ඔබට දිගු රාත්රියක්’ යනුවෙන් පවසමිනි. එනම්: රාත්රියෙන් දිගු වේලාවක් ගත කරන්න. ඔබ කැමති තරම් නිදා ගන්න. සැබැවින්ම ඔබ අවදී වූ විට රාත්රී සලාතය ඉටු කිරීම ප්රමාණවත් වේලාවක් ඔබට ලැබෙයි. එනිසා ‘ඔබ නිදා ගන්න’ එනම් ඔබ නින්දට යොමු වන්න. “නමුත් ඔහු අවදි වී අල්ලාහ්ව මෙනෙහි කළ විට ගැටයක් ලිහෙනු ඇත.” එය අල්ලාහ්ව මෙනෙහි කිරීම හේතුවෙනි. "c2">“වුළූ ධෝවනය කළ විට ගැටයක් ලිහෙනු ඇත.” වුළූ ධෝවනයෙහි සමෘදිය හේතුවෙන් දෙවන ගැටයද ලිහෙනු ඇත. ඉමාම් මුස්ලිම් සතු වාර්තාවක "c2">“වුළූ ධෝවනය කළ විට ගැට දෙකක් ලිහෙනු ඇත.” යනුවෙන් සඳහන් වී ඇත. මහා කිලිට්ටෙන් පිරිසිදු වීම සඳහා ස්නානය කළ විට ද එයද එහි ඇතුළත් වනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළේ නම් ‘එක් රකආතයක් වුව ද” එහි ගැටය ලිහෙනු ඇත. එනම් තුන්වන ගැටයත් ලිහෙනු ඇත. ඉමාම් බුහාරි සතු වාර්තාවක මෙසේ සඳහන් වේ. "c2">“සියලුම ගැට ලිහෙනු ඇත.” "c2">“එවිට ඔහු ධෛර්යමත්ව අවදි වේ.” එනම් අල්ලාහ්ට අවනත වීම සඳහා ඔහුට ආශිර්වාද කිරීම හා ප්රතිඥා දුන් කුසල් ඔහුට ආශිර්වාද කිරීම හේතුවෙන් ඔහු සතුටට පත් වන බැවිණි. ෂෙයිතාන්ගේ ගැටවල් ඔහු මත තව දුරටත් පවතින්නේ නැත. "c2">“මනා මානසික සුවයෙන් යුතුව” මෙම යහපත් ගනුදෙනුව ඔහුගේ සිත තුළ ක්රියාත්මක කරමින් අල්ලාහ් ඔහුට සමෘද්ධිය ලබා දී ඇති බැවිනි. එසේ නොවේ නම් එනම්, සඳහන් කරනු ලැබූ කරුණු තුන ක්රියාත්මක නොකළේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත. එනම් ඔහුගේ තත්ත්වය නරක තත්ත්වයට පත් වෙයි. එනම් එය ඔහුට පුරුද්දක් බවට පත් කරමින් හෝ එය යහපත් ක්රියාවක් යැයි සිතන්නට සලස්වමින් ෂෙයිතාන් සිදු කරන අවමානය හේතුවෙනි. අල්හාෆිල් ඉබ්නු හජර් (රහිමහුල්ලාහ්) මෙසේ ප්රකාශ කළේය. රාත්රි සලාතයේ සිත සැනසුමට අභිරහසක් ඇති බව සිතීම වනාහි, සඳහන් කරන ලද කිසිවක් සලාතය ඉටු කරන්නා ඉදිරිපත් නොකළ ද ඊට පටහැනි වුව ද එය එලෙසෙම වනු ඇත. උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය එය පෙන්වා දෙයි. එනම්, සැබැවින්ම මධ්යම රාත්රිය බැතිමත්බවින් වඩාත් ශක්තිමත් ප්රකාශයෙන් වඩාත් ශක්තිමත් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර