عن أبي عبد الله ويقال أبو عبد الرحمن ثوبان مولى رسول الله صلى الله عليه وسلم رضي الله عنه قال: سمعت رسول لله صلى الله عليه وسلم يقول: «عليك بكثرة السجود؛ فإنك لن تسجد لله سجدة إلا رَفَعَكَ الله بها دَرَجة، وحَطَّ عنك بها خَطِيئة».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ අබූ අබ්දුර් රහ්මාන් සව්බාන් බව ප්රකාශ වී ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි. එනම්: "c2">“ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට එමගින් අල්ලාහ් ඔබව තරාතිරමක් උසස් කිරීමෙන් හා එමගින් පාපයක් ඔබෙන් මකා දැමීමෙන් මිස ඔබ සුජූද් නොකරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයට හේතුව: සැබැවින්ම මිඃදාන් ඉබ්නු තල්හා තුමා මෙසේ ප්රකාශ කළේය. "c2">“මම සව්බාන් වෙත පැමිණ: මා යම් ක්රියාවක් කළ විට එම ක්රියාව හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ආකාරයේ ක්රියාවක් මට දන්වා සිටින මෙන් හෝ අල්ලාහ්ට වඩාත් ප්රියමනාප ක්රියාව දන්වනා සිටින මෙන් විමසා සිටියෙමි. නමුත් ඔහු නිහඬව සිටියේය. පසුව ඔහුගෙන් නැවත විමසීය. එවිට ද ඔහු නිහඬව සිටියේය. තුන්වන වරටත් ඔහුගෙන් විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඒ ගැන කළ ප්රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා එතුමා: ඔබ... කළ යුතුයි... පසුව මෙම හදීසය මෙනෙහි කළේය. එහි අවසානයේ: “පසුව මම අබූ දර්දා තුමාව මුණ ගැසුනෙමි. එවිට මම ඔහුගෙන් ද ඒ ගැන විමසුවෙමි. ඔහුද මට පවසා සිටියේ සව්බාන් තුමා පැවසූ දෑමය. “ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය.” යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රකාශයෙහි අර්ථය වනාහි, අධික වශයෙන් සුජූද් කිරීම අත්යවශ්ය කර ගන්න. යන්නයි. "c2">“ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට එමගින් අල්ලාහ් ඔබව තරාතිරමක් උසස් කිරීමෙන් හා එමගින් පාපයක් ඔබෙන් මකා දැමීමෙන් මිස ඔබ සුජූද් නොකරනු ඇත.” මෙය රබීආ ඉබ්නු කඃබ් අල් අස්ලමී තුමාගේ හදීසය මෙනි. සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ස්වර්ගයේ ඔබව සේන්දු කරවන්නේ කුමක්දැයි මම ඔබෙන් අසමි. එතුමා: ‘මම සිතන්නේ ඔබ අධික වශයෙන් සුජූද් කළ යුතු බවයි.’ උබාදත් ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට සවන් දී තිබිණ. එනම්: "c2">“අල්ලාහ්ට සුජූද් කරන කවර හෝ ගැත්තෙකු වේවා අල්ලාහ් එමගින් ඔහුට කුසලක් නියම කර එමගින් පාපයක් මකා දමා එමගින් නිලයක් ඔහුට උසස් කරවයි. එබැවින් නුඹලා සුජූද් කිරීම අධික කර ගනු.” අල්ලාහ් වෙනුවෙන් සුජූද් කිරීම අවනතභාවයෙන් වඩාත් උතුම් මෙන්ම සමීපභාවය ඇති කරන වඩාත් බලවත් ඉරියව්වකි. එහි අල්ලාහ්ට ගැතිකම හා යටහත්භාවය නිරූපණය කරන බැවිණි. එමෙන්ම එහිදී මිනිසාගේ අවයව අතරින් වඩාත් ගෞරවනීය වඩාත් උසස් අවයව තැන්පත් කරයි. එනම් පාගන පසෙහි ඔහුගේ මුහුණ තබමිනි. මෙහිදී සුජූද් යන්නෙන් අදහස් කරනු ලබනුයේ සලාතයේ අනුගමනය කරනු ලබන සුජූදය මිස වෙන්ව කරන සුජූදය නොවේ. ආගමානුගත නොකරන ලද යමක් කිරීම සුදුසු නොවන්නේය. නැමදුම්හි මූලය වනුයේ යම් සාධකයක් නොමැති නම් එහි නවතාලීමය. එසේ හේතු සාධක අතරට පත්වනුයේ අල් කුර්ආනය කියවීමේ සිදු කරන සුජූදය හා කෘතවේදී වීම සඳහා කරන සුජූදය. ඒ සම්බන්ධයෙන් ෂරීආ නීති පැමිණ ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසා සුජූද් කළ විට ඔහුට හිමිවන කුසල් කුමක් දැයි පැහැදිලි කළේය. ඔහුට ඉමහත් ප්රයෝජන දෙකක් ලැබෙනු ඇත. පළමු ප්රයෝජනය වනාහි: සැබැවින්ම අල්ලාහ් එමගින් ඔහුගේ නිලය උසස් කරවයි. එනම් අල්ලාහ් අබියස හා මිනිස් සිතු තුළ ඇති තත්ත්වයයි. ඔබ කරන දැහැමි ක්රියාවන්හි ද එලෙසමය. එමගින් අල්ලාහ් තරාතිරමෙන් ඔබව උසස් කරවනු ඇත. දෙවන ප්රයෝජනය: එමගින් ඔහු ඔබෙන් වැරදි මකා දමයි. මිනිසා තමන් පිළිකුල් කරන දෑ ඉවත් වීම තුළින් හා ඔහු ප්රිය කරන දෑ ලබා ගනිමින් පූර්ණත්වය හිමි කර ගනී. මිනිසා ප්රිය කරන දැයින් එය තරාතිරම් උසස් වෙයි. ඔහු පිළිකුල් කරන දැයින් එය වැරදි මකා දමයි. එසේ ඔහුට තරාතිරමක් උසස් වී එමගින් වරදක් මැකී යන විට ඔහු අපේක්ෂා කරන දෑ හිමි කර ගනී. ඔහු බියට පත්වන දැයින් මිදෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි දමිළ الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර