عن عبادة بن الصامت رضي الله عنه و أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: «ما على الأرض مسلم يدعو الله تعالى بدعوة إلا آتاه الله إياها، أو صرف عنه من السوء مثلها، ما لم يَدْعُ بإثم، أو قطيعة رحم»، فقال رجل من القوم: إذا نُكثِر قال: «اللهُ أكثر». وفي رواية أبي سعيد زيادة: «أو يَدَّخر له من الأجر مثلها».
[صحيح] - [رواه الترمذي، وبالزيادة رواه أحمد]
المزيــد ...

උබාදා ඉබ්නු අස්සාමිත් -රළියල්ලාහු අන්හු- තුමා හා අබූ සඊද් අල් කුද්රී -රළියල්ලාහු අන්හු- තුමා යන අය විසින් වාර්තා කොට ඇත. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යම් ප්රාර්ථනාවක් කරමින් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින මුස්ලිම්වරයකුට අල්ලාහ් එය මහපොළොව මත ලබා දීමෙන් මිස නොවන්නේය. එසේ නැතිනම් ඔහු පාපයක් අයැද නොසිටින තාක්කල් හෝ ඥාතී සම්බන්ධකම් බිඳ නොදමන තාක්කල් එයට සරිලන අයහපතක් ඔහුගෙන් ඉවත් කරනු ඇත.“එවිට එම පිරිස අතර සිටි මිනිසෙකු නැගිට අප අධිකව ඉල්ලා සිටි විටත් එසේ දැයි පැවසීය. එතුමා අල්ලාහ් අධිකත්වය ඇත්තාය. අබූ සඊද් තුමාගේ තවත් වාර්තාවක මීට අමතර ලෙසින් මෙසේ වාර්තා වේ. එසේ නැතිනම් ඒ හා සමාන කුලියක් ඔහු වෙනුවෙන් රැස් කර තබනු ලැබේ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ සෑම මුස්ලිම්වරයකුම තම පරමාධිපති සමග සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇල්මක් ඇති කර ඇත. සැබෑ හදවතින් නිකුත් වන ප්රාර්ථනාව අල්ලාහ්ගේ ආදරය සමග බැඳී ඇත. ඔහු වෙනුවෙන් අහස්හි දොරටු විවෘත වේ. අවදානමක සිටින යමෙක් අයැද සිටින විට ඔහුට පිහිට වන අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු දෙනු ඇත. එම ප්රාර්ථනාව අපතේ නොයයි. එක්කො එයට පිළිතුරු දෙනු ලැබේ. ඔහු අපේක්ෂා කරනු ලබන දෑට පිළිතුරු දෙනු ලැබේ. එසේ නැතිනම් තමන්ට අත්වන උවදුරු එහි ප්රමාණයට අනුව අල්ලාහ් වළක්වනු ඇත. එසේ නැතිනම් ඔහු වෙනුවෙන් එහි යහපත රැස්කර තබනු ලැබේ. අල්ලාහ් අබියස ඇති යහපත මිනිසා අපේක්ෂා කරන ඔවුන් ඉල්ලා සිටින දෑට වඩා අධිකය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර