عن عبد الله بن عباس رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم كان يقول عند الكرب: «لا إله إلا الله العظيم الحليم، لا إله إلا الله رب العرش العظيم، لا إله إلا الله ربُّ السماوات، وربُّ الأرض، ورب العرش الكريم» .
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වේදනාවකදී: ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම වේදනා හා දුෂ්කරතා අල්ලාහ් හැර වෙන කිසිවකු ඉවත් නොකරන බව මෙම හදීසය අවධාරණය කරයි. බියක් හෝ වේදනාවක් සිදු වන අවස්ථාවේ දී දේව විශ්වාසවන්ත ගැත්තෙකු මෙම ප්රකාශයන් පවසන්නේ නම් අල්ලාහ් ඔහුට රැකවරණය සළසනු ඇත. අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔහුගෙන් අයැද සිටීමෙන් දුෂ්කරතාව පහසු වනු ඇත. අමාරුකම් ලෙහෙසි වනු ඇත. දැඩිභාවය සැහැල්ලු වනු ඇත. යම් කිසි දුෂ්කරතාවකදී අල්ලාහ්ව මෙනෙහි කර සිටීමෙන් එය පහසුවනු මිස නැත. එමෙන්ම අමාරුවකදී එය ලෙහෙසි කරනු මිස නැත. දැඩිභාවයකදී එය සැහැල්ලු කරනු මිස නැත. වේදනාවකදී එය පහ කරනු මිස නැත. මෙහි සෙනෙහිවන්ත යන අර්ථය අදහස් කරන හලීම් යන පදය විශේෂයෙන් සඳහන් කොට ඇත. ඊට හේතුව බොහෝ විට මුඃමින්වරයාට අත්වන දුෂ්කරතාවය, එය නැමදුම්හි අඩුපාඩුවක් නිසා හෝ නැමදුම් අවස්ථාවන් අමතක කරමින් සිටි නිසා යැයි පෙන්වා දෙයි. දුක අඩු කරවන, සමාව ලබා ගැනීමේ බලාපොරොත්තුව මෙමඟින් හඟවනු ලබයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර