عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«الدُّعَاءُ لاَ يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».

[صحيح] - [رواه أبو داود والترمذي والنسائي] - [سنن الترمذي: 212]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නො ලැබේ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي والنسائي] - [سنن الترمذي - 212]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාවේ මහිමය පැහැදිලි කර සිටියහ. සැබැවින්ම එය ප්‍රතික්ෂේප කරනු නො ලබන අතර එයට පිළිතුරු දෙනු ලැබේ. එබැවින් එහිදී ඔබ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න.

හදීසයේ හරය

  1. ප්‍රාර්ථනාව සඳහා නියම කර ඇති මෙම වේලාවේ මහිමය.
  2. ප්‍රාර්ථනා කරන්නා එහි විනයන් පිළිපැද, ඒ සඳහා අදාළ නියමිත ස්ථාන හා උතුම් වේලාවන් සොයා, අල්ලාහ්ට පිටුපෑමෙන් දුරස් වී, සැකය හා කුතුහලය තුළ තමන් වැටීමෙන් ආරක්ෂා වී, අල්ලාහ් කෙරෙහි යහපත් සිතුවිල්ලක් ඇති කර ගන්නා විට, එය අල්ලාහ්ගේ අනුහසින් ඔහුට පිළිතුරු ලබන්නට වඩාත් උචිත වන්නේය.
  3. ප්‍රාර්ථනාව පිළිගැනීමට ලක් වීම සම්බන්ධයෙන් අල්-මනාවී තුමා මෙසේ පවසයි. ප්‍රාර්ථනාවට අදාළ කොන්දේසි, මූලිකාංග, විනයන් එක්කාසු වූ පසු ඉන් යමක් අතපසු වූයේ නම්, ඒ ගැන තමන්ට මිස වෙනත් කිසිවකුට කිසිදු දොසක් පැවරිය නොයුතු බවය.
  4. ප්‍රාර්ථනාවට පිළිතුරු පැතීම. ඇතැම් විට ඔහුගේ ප්‍රාර්ථනාවට ක්ෂණිකව පිළිතුරු ලබනු ඇත. එසේ නැතහොත් ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එසේත් නැතහොත් ඔහු වෙනුවෙන් මතුලොවෙහි ඒවා එක්රැස් කරනු ලැබේ. මෙය අල්ලාහ්ගේ ප්‍රඥාව හා ඔහුගේ කරුණාව මත පදනම්ව පිහිටන්නකි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (48)
අමතර