عن عبد الله بن عمر رضي الله عنهما قال:
سَمِعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلًا يَعِظُ أَخَاهُ فِي الْحَيَاءِ، فَقَالَ: «الْحَيَاءُ مِنَ الْإِيمَانِ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 36]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
මිනිසෙක් තම සහෝදරයාට ලැජ්ජාව සම්බන්ධයෙන් උපදෙස් දෙමින් සිටිය දී ඔහුට සවන් දුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "ලැජ්ජා බිය ඊමාන් හෙවත් දේව විශ්වාසය අතරින් වූවකි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 36]

විවරණය

මිනිසෙක් තම සොහොයුරාට ඕනෑවට වඩා ලැජ්ජාශීලී වීම අත්හැර දමන මෙන් අවවාද කරන අයුරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ඇසුණි. එවිට එතුමාණෝ ඔහුට: සැබැවින්ම ලැජ්ජාව යනු විශ්වාසයේ කොටසක් බවත් එය යහපත හැර වෙනත් කිසිවක් රැගෙන නො එන බවත් පැහැදිලි කළහ.
ලැජ්ජාව යනු අලංකාර ක්‍රියාවන් මත රැඳෙන, අශීලාචාර දෑ මඟ හරවන ගුණාංගයකි.

හදීසයේ හරය

  1. යහපතෙන් ඔබව වළක්වන දෙය ලැජ්ජාව ලෙස හඳුන්වනු නොලැබේ, නමුත් එය අවනම්බුව, අසරණකම, බියගුලුකම සහ බියසුලුකම ලෙස හැඳින්වේ.
  2. ලැජ්ජාව යනු අල්ලාහ්ගෙන් වූවකි. එය නියෝග ක්‍රියාත්මක කිරීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් සිදුවන්නේය.
  3. මිනිසුන් සම්බන්ධයෙන් ලැජ්ජා වීම යනු ඔවුන්ට ගරු කිරීම, ඔවුන්ගේ තත්ත්වයන්ට අනුකූලව කටයුතු කිරීම සහ සුපුරුදු අශීලාචාර දැයින් වැළකී සිටීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර