عن ابن عمر رضي الله عنهما قال: لم يكنْ رسول الله صلى الله عليه وسلم يَدَعُ هؤلاء الكلماتِ حين يُمْسي وحين يُصْبحُ: «اللَّهُمَّ إنِّي أسْأَلُكَ العافيَةَ في ديني ودُنْيَايَ وأَهْلي ومَالي، اللَّهُمَّ اسْتُر عَوْراتي وآمِنْ رَوْعاتي، واحفَظْني مِنْ بين يديَّ ومِن خَلْفِي وعن يميني وعن شِمَالي ومِنْ فَوْقِي، وأَعُوذُ بِعَظمَتِك أَنْ أُغْتَالَ مِنْ تَحتي».
[صحيح] - [رواه أبو داود والنسائي في الكبرى وابن ماجه وأحمد والحاكم. ملحوظة: لفظ الحديث في مصادر التخريج: اللهم إني أسألك العافية في الدنيا والآخرة، اللهم إني أسألك العفو والعافية في ديني...، واللفظ المذكور من بلوغ المرام]
المزيــد ...

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම වදන් ප්රාර්ථනා කිරීම අත් හරින්නෙකු නොවූහ. එනම්: اللَّهُمَّ إنِّي أسْأَلُكَ العافيَةَ في ديني ودُنْيَايَ وأَهْلي ومَالي، اللَّهُمَّ اسْتُر عَوْراتي وآمِنْ رَوْعاتي، واحفَظْني مِنْ بين يديَّ ومِن خَلْفِي وعن يميني وعن شِمَالي ومِنْ فَوْقِي، وأَعُوذُ بِعَظمَتِك أَنْ أُغْتَالَ مِنْ تَحتي තේරුම: (යා අල්ලාහ් මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි ආරෝග්යතාව මම ඔබෙන් පතමි. යා අල්ලාහ් මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් ආරක්ෂාව සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

සෑම උදෑසනකම හා සවස් කාලයකම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මෙම ප්රාර්ථනාව පවසා සිටියහ. ඉතා අගනා වැදගත් තේරුමක් එහි අන්තර්ගතව ඇති බැවින් එතුමා කිසිවිටෙක එය අතහැරියේ නැත. (මාගේ දහමේ ආරෝග්යභාවය) යැයි පවසමින් අල්ලාහ්ගෙන් අයැද සිටියහ. ඉන් අදහස් වනුයේ පාපයෙන්, විරුද්ධවීමෙන් හා නව ආගමික කටයුත්තක් බිහි කිරීමෙන් මාගේ දහම ආරෝග්යමත් කරන ලෙසය. තව දුරටත් (මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි ආරෝග්යභාවය මම ඔබෙන් පතමි.) යැයි අයැද සිටියහ. එනම්, මාගේ ලෞකික කටයුතුවලදී ඇති වන්නා වූ දුක් කරදර අනතුරුවලින් ආරක්ෂාව ද මාගේ පවුලට ඇතිවිය හැකි අනතුරු ලෙඩ රෝග හා විනාශකාරී කටයුතුවලින් ආරක්ෂාවද මාගේ ධනයට ඇති විය හැකි අනතුරු වංචා හා තහනම් දැයින් ආරක්ෂාව ද පැතීමය. තවදුරටත් (මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව.) යැයි අයැද සිටියහ. එනම්: මා ලැජ්ජාවට පත් කරවන යම් අඩුවක් හෝ යම් පාපයක් මා විසින් මතු වූ විට ඒ සියලු දෑ සඟවනු මැනව. මට ආරක්ෂාව සලසනු මැනව. මා බියට පත් කරවන කම්පනයන්ගෙන් මට ආරෝග්යභාවය පිරිනමනු මැනව යන්නයි. තවදුරටත් (මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහල දිශාවන්ගෙන් ආරක්ෂාව සලසනු මැනව.) යැයි අයැද සිටියහ. එනම්: මේ සය දිශාවෙන් ඇතිවන්නා වූ අනතුරු මගෙන් වළක්වනු මැනව. කිසිදු තැනකින් උවදුරක් මට ඇති නොකරනු මැනව. (මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ඔබේ ශ්රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.) එහි අර්ථය වනුයේ, මට පහළින් ඇති වන්නා වූ භයාණක ව්යසනයන්ගෙන් ඔබේ මහිමයෙන් මා ආරක්ෂාව පතමි යන්නයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර