عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما أنه سمع رسول الله صلى الله عليه وسلم ، يقول: «إنَّ قلوبَ بني آدم كلَّها بين إصبعين من أصابعِ الرحَّمن، كقلبٍ واحدٍ، يُصَرِّفُه حيث يشاء» ثم قال رسول الله صلى الله عليه وسلم: «اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට සවන්ද දී ඇති බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්රියාකරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්රියා කරවනු මැනව!)
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

උත්තරීතර අල්ලාහ් තමන් අභිමත කරන පරිදි තම ගැත්තන්ගේ හදවත් හා අනෙකුත් කටයුතු ක්රියා කරවන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියි. ඉන් කිසිවක් වැළකී යන්නේ නැත. ඔහු අභිමත කිසිවක් අතපසු වන්නේද නැත. ඒ අනුව ගැත්තන්ගේ හදවත් සියල්ල ඔහුගේ ඇඟිලි අතර පවතී. අල්ලාහ් තම ගැත්තාහට නියම කළ පරිදි ඔහු අපේක්ෂා කරන දෑ වෙත එවා යොමු කරවයි. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්රියාකරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්රියා කරවනු මැනව!) එනම්: තමන් කැමති පරිදි තමන් අභිමත පරිදි හදවත් පෙරළා දමන්නනි! අපගේ හදවත් ඔබට අවනත වීම සඳහා යොමු කරනු මැනව. ඔබට අවනත වීමට ස්ථාවර කරනු මැනව. ඇගිලි යන විෂය බලයට හෝ හැකියාවට හෝ වෙනත් යම් දෙයකට හෝ විකෘති කර පැවසීම සුදුසු නොවන්නේය. එය අල්ලාහ්ගේ ගුණාංගයක් බව කිසිදු වෙනස් කිරීමකින් හෝ අඩුවැඩි කිරීමකින් තොරව එමෙන්ම කිසිවක් සමාන කිරීමෙන් හෝ ක්රමය විස්තර කිරීමකින් තොරව එය තහවුරු කිරීම අනිවාර්යය වෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර