عن جابر رضي الله عنه قَالَ: كُنَّا إِذَا صَعِدْنَا كَبَّرْنَا، وَإِذَا نَزَلْنَا سَبَّحْنَا. عن ابن عمر رضي الله عنهما قالَ: كانَ النبيُّ صلى الله عليه وسلم وجيُوشُهُ إِذَا عَلَوا الثَّنَايَا كَبَّرُوا، وَإِذَا هَبَطُوا سَبَّحُوا.
[صحيحان] - [حديث جابر -رضي الله عنه- رواه البخاري. حديث ابن عمر -رضي الله عنهما- رواه أبو داود]
المزيــد ...

ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.)) ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා එතුමාගේ සේනාව කඳු මාර්ගවල නැග ගමන් කරන විට තක්බීර් පැවසූහ. ඔවුහු බසින විට තස්බීහ් පැවසූහ.
එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

උස් තැන්වලට නැගීමේදී තක්බීර් පැවසීම උචිත කාර්යයකි. උසස් භාවය හා ශ්රේෂ්ඨයත්වය යනු ඒ තුළ අහංකාරය ඇති බැවින් එය මනසට වඩාත් ප්රියමානප දෙයක් වන්නේය. එවිට තමන් උසස් භාවය පතනු ඇත. එහෙයින් ඔහු අල්ලාහු අක්බර් යැයි පවසයි. එනම් තමන්ව පහත් තත්ත්වයට ඇද දමයි. අල්ලාහ්ගේ උසස්භාවය පිළිඹිබු කරයි. යම් උසස් ස්ථානයක් ලැබුනු විට අල්ලාහ්ගේ උසස් භාවය මෙනෙහි කරන මෙන් ද සියලු දෑ වලට වඩා ඔහු අති ශ්රේෂ්ඨ යැයි ද මෙනෙහි කරන මෙන් ද ආගමානුගත කොට ඇත. එහෙයින් ඔහුට කෘත ගුණ සැලකීමක් ලෙස ඔහුට තක්බීර් පවසනු ඇත. එවිට ඔහුගේ මහිමය තවත් වර්ධනය වනු ඇත. එමෙන්ම පහළට බසින විට තස්බීහ් පැවසීම ද උචිත කටයුත්තකි. හේතුව පහත් ස්ථාන යනු පටු ස්ථානයක් වන බැවිනි. එහෙයින් තස්බීහ් පැවසීම ආගමානුගත කර ඇත. හේතුව එය ගැලවීමේ සාධක අතුරින් එකක් වන බැවිනි. යූනුස් අලය්හිස් සලාම් තුමාගේ කතා වස්තුවේ එතුමා අන්ධකාරයේ සිටියදී තස්බීහ් පැවසූහ. ඒ හේතුවෙන් ඔහු එම අඳුරෙන් මිදුණහ. මෙයද එවන් සිදුවීමකි. එමෙන්ම බැසීම යනු පහත් තත්ත්වයකි. එවිට සුබ්හානල්ලාහ් යැයි පවසනු ලැබේ. එනම් පහළට බැසීමෙන් අල්ලාහ් තමන් පිවිතුරු කර ගත්තේය. හේතුව අල්ලාහ් සියලු දෑට වඩා ඉහළින් සිටින්නාය. ගුවන් යානයක් ඉහළට යන විට තක්බීර් පැවසීමත් එය පහළට බසින විට තස්බීහ් පැවසීමත් එලෙසය. හේතුව ගුවනේ නැගීම හා ඉන් බැසීම අතර කිසිදු වෙනසක් නැති බැවිනි. ආශිර්වාද කරන්නා අල්ලාහ්මය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර