عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال: «يَغْفِرُ الله للشَّهيد كُلَّ شيءٍ إلا الدَّين». وفي رواية له: «القَتْل في سَبِيل الله يُكَفِّر كلَّ شيءٍ إلا الدَّين».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.“ තවත් වාර්තාවක, “අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබීම, එය ණය හැර සෙසු සියලු දෑට ප්රතිකර්මයක් වනු ඇත.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීම කුඩා හෝ වේවා මහා හෝ වේවා සියලු පාපයන්ට ප්රතිකර්මයක් වන්නේය. නමුත් ණය යන විෂය හැර. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ දිව පිදීම එයට ප්රතිකර්මයක් නොවන්නේය. හේතුව එය මැවීම්වලට අයිති උරුමය පිළිබඳ වූ බලගතු කාරණාවක් වන බැවිනි. විශේයෙන්ම එය මුදල්මය වශයෙන් සලකන විටය. සැබැවින් එය ඔවුන් වෙත වූ වඩාත් ගෞරවණීය වස්තුවයි. මුස්ලිම්වරුන්ගේ උරුමයන් පැහැර ගන්නා අයුරින් සොරකම, පැහැරගැනීම, වංචාව හා බැඳුණ ණයද මේ ගණයට අයත් වේ. එහෙයින් ජිහාද් කිරීම, දිවි පිදීම හා වෙනත් යහපත් ක්රියාදාමයන් මිනිසුන්ගේ උරුමයන් සම්බන්ධයෙන් ඇතිවන ණයවලට ප්රතිකර්මයක් නොවන්නේය. ඒවා අල්ලාහ්ගේ උරුමයන් සඳහා වූ ප්රතිකර්මයන් පමණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර