عن أبي هريرة رضي الله عنه أن رجلاً قال: يا رسول الله، إن لي قَرابَة أصِلهم ويقطعوني، وأحسن إليهم ويُسيئُون إليَّ، وأحْلَمُ عنهم ويجهلون عليَّ، فقال: «لئن كنت كما قلت، فكأنما تُسِفُّهُمْ الْمَلَّ، ولا يزال معك من الله ظهير عليهم ما دمت على ذلك».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි. මිනිසෙක්: ‘අල්ලාහ්ගේ දූතයාණනි! මට නෑදෑයෝ සිටිති. මම ඔවුන් සමග සම්බන්ධකම් පවත්වමි. නමුත් ඔවුන් මා කපා හරිති. මම ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරමි. නමුත් ඔවුන් මට නපුරුකම් කරති. ඔවුන් ගැන මම ඉවසමි. නමුත් ඔවුන් මා සමග අඥාන ලෙස කටයුතු කරති. යැයි පැවසීය. එවිට එතුමා "c2">“ඔබ කියන දෑ පරිදි වන්නෙහි නම් එය ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටියි. මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට මෙසේ ප්රකාශ කළේය. ‘සැබැවින්ම මට නෑදෑයෝ සිටිති. මම ඔවුන් සමග සම්බන්ධකම් පවත්වමි. නමුත් ඔවුන් මා සමග (ඒ සම්බන්ධකම්) කපා හරිති. මම ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරමි. නමුත් ඔවුන් මට නපුරුකම් කරති. ඔවුන් ගැන මම ඉවසමි. නමුත් ඔවුන් මා සමග අඥාන ලෙස කටයුතු කරති. මා කුමක් කළ යුතුද? යන්නෙන් විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා "c2">“ඔබ කියන දෑ පරිදි සිටියෙහි නම් එය ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.” ඔවුනට එරෙහිව අල්ලාහ් ඔබට උදව් කරනු ඇත. එය අනාගතයේ ද වන්නේය. ‘උණු අලු ඔවුන්ගේ කටට කවන්නාක් මෙනි.’ යන පදය ඔවුනට එරෙහිව එම මිනිසාට උදව් ලැබීම ගැන රූපක වශයෙන් පෙන්වා ඇත. තමන් සමග සම්බන්ධකම් පවත්වන්නෙකුට කරුණා දක්වනු පිණිස සම්බන්ධකම් පවත්වන්නා නියම සම්බන්ධකම් පවත්වන්නෙකු නොවේ. නමුත් සැබෑ ලෙස සම්බන්ධකම් පවත්වනා වනුයේ ඔවුන් සම්බන්ධකම් බිද දැමූ විටෙක පවා අඛණ්ඩව සම්බන්ධකම් පවත්වන්නාය. තම ඥාතීන් අසල්වැසියන් මිතුරන් හා වෙනත් අයගේ හිංසා පීඩාවන් විද දරා ගනිමින් ඉවසීම මිනිසාගේ යුතුකම වන්නේය. එවිට ඔවුනට එරෙහිව උදව් කරන්නකු අල්ලාහ් විසින් පත් කරනු ඇත. ඒ අනුව ඔහු සාර්ථකවය ලබන්නෙකු වේ. ඔවුහු පරාජිතයෝ වෙති.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර