عن أنس رضي الله عنه : أن النبي صلى الله عليه وسلم قال: «مَا أحَدٌ يَدْخُل الجنَّة يُحِبُّ أن يَرجع إلى الدنيا وله ما على الأرض من شيء إلا الشَّهيد، يَتَمَنَّى أن يَرجع إلى الدنيا، فيُقْتَل عَشْر مَرَّاتٍ؛ لما يَرَى من الكَرَامة». وفي رواية: «لما يَرى من فَضْل الشَّهادة».
[صحيح] - [متفق عليه بروايتيه]
المزيــد ...

නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි. තවත් වාර්තාවක ශහීද් භාවයේ මහිමය ඔහු දැක ඇති බැවිනි යනුවෙන්ද සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ස්වර්ගයට පිවිසීමෙන් පසුව එයින් වෙන්ව නැවත වාරයක් මෙලොවට පැමිණීම ආශා කරන කිසිවකු නැත. නිධන් හා වටිනා වස්තුව මහපොළොව පිරෙන්නට පිරිනැමුවද උසස් ගණයේ මාලිගාවන් හා වතු ඔහුට දුන්නද එයට ආශා නොකරනු ඇත. පසුව එතුමාණෝ ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය වෙන් කර දැක්වූහ. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදා එක් වරක් වෙනුවට දසවාරයක් ෂහාදාව තුළින් ජය ලබන්නට ප්රිය කරයි. එය ෂහීද් වරු ලබන ගෞරවය ඔහු දැක ඇති බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර