عن قيس بن عاصم رضي الله عنه قال:
أتيتُ النبيَّ صلى الله عليه وسلم أُريدُ الإسلامَ، فأَمَرَني أن أغتَسِلَ بماءٍ وسِدرٍ.

[صحيح] - [رواه أبو داود والترمذي والنسائي]
المزيــد ...

කය්ස් ඉබ්නු ආසිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජල‍ෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

කය්ස් ඉබ්නු ආසිම් ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට එතුමාණෝ ජල‍ෙයන් සහ මසන් ගසෙහි කොළවලින් ස්නානය කර ගන්නා මෙන් ඔහුට නියෝග කළහ. එසේ එම කොළ භාවිතා කිරීමට හේතුව පිරිසිදු කිරීම සඳහා ඒවා යොදා ගන්නා බැවින් සහ ඒවා මනා සුවදවත් වන බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු ඉස්ලාමය තුළට පිවිසෙන අවස්ථාවේ ස්නානය කර ගැනීම ආගමානුගත කරන ලද්දකි.
  2. ශරීරය මෙන්ම ආත්මය යන දෙකටම ඉස්ලාමය පිරිනමන ගෞරවය හා වැදගත්කම.
  3. පිරිසිදු දේ සමඟ ජලය මිශ්‍ර කිරීමෙන් එය පිරිසිදුභාවයෙන් ඉවත් වන්නේ නැත.
  4. සබන් වැනි නවීන පිරිසිදු කිරීමේ ද්‍රව්‍යය මසන් කොළවල ස්ථානයේ පවතී.
අමතර