عن عثمان بن عفان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «من توضَّأ فَأَحْسَن الوُضُوءَ، خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ حَتَّى تَخْرُج مِنْ تَحْتِ أَظْفَارِه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ගෙන එම ධෝවනය ඔහු විධිමත්ව ඉටු කළේ ද ඔහුගේ ශරීරයෙන් එය ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත්ව යයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම වුළූ ගැනීම නැමදුම් අතරින් වඩාත් උතුම් ක්රියාවක් බව මෙම හදීසය පෙන්වා දෙයි. මෙම හදීසයේ පැමිණ ඇති එහි මහිමයන් වනාහි: කවරෙකු ජලය ගෙන; වුළූ ධෝවනයෙහි විනයන් හා චාරිත්රයන් අනුගමනය කරමින් විධිමත්ව ඉටු කර සිටියේ ද ඔහුගේ පාපකම් ඒවා අල්ලාහ්ගේ වගකීම් සම්බන්ධයෙන් බැඳී තිබුණ ද නියපොතු යටින් ඉතා කුඩා තැනකින් වුව ද බැහැර වීමට හේතුවක් වන්නේය. ඒ අනුව අල්ලාහ්ට සමීප වීම පිණිස වුළූ ගන්නා බවට අදිටන් කිරීමත් සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීමේ හැඟීම ඇති කර ගැනීමත් අවශ්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “නුඹලා සලාතය සඳහා නැගී සිටි විට නුඹලාගේ මුහුණු සොදා ගනු” (අල් මාඉදා: 6) එමෙන්ම තම වුළූහි තමන් අල්ලාහ්ගේ දූතයාණන් අනුගමනය කරන බවටත් අදිෂ්ඨාන කළ යුතුය. එමෙන්ම සැබැවින්ම තමන් කුසල් අපේක්ෂා කරන බවටත් මෙම ක්රියාව දැඩි අදිෂ්ඨානයෙන් හා විධිමත්ම ඉටු කරන තෙක් ඔහුට කුසල් හිමි වන බවටත් වන චේතනාව ඉදිරියට ගෙන ආ යුතුයි.