عن أُمِّ عَطِيَّةَ رَضي الله عنها، وكَانَتْ بايَعَت النبيَّ صلى الله عليه وسلم، قالت:
كُنَّا لا نَعُدّ الكُدرَةَ والصُّفْرَةَ بعدَ الطُّهرِ شيئًا.

[صحيح] - [رواه أبو داود بهذا اللفظ، ورواه البخاري بدون زيادة (بعد الطهر)] - [سنن أبي داود: 307]
المزيــد ...

උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට 'බයිඅත්' දිවුරුම් දී සිටියහ:
(ඔසප් තත්වයෙන්) පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود بهذا اللفظ ورواه البخاري بدون زيادة (بعد الطهر)] - [سنن أبي داود - 307]

විවරණය

උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) සහාබිවරිය මෙසේ දන්වා සිටියාය: "ඇත්තෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ කාන්තාවන් ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූ පසු වහනය වන දියර -එය කළු වර්ණයට නැඹුරු වීම හෝ කහ වර්ණයට නැඹුරු වීම - හයිල් තත්ත්වයක් බව සැළකුවේ නැත. එහෙයින් ඔවුන් සලාතය හෝ උපවාසය අත් හැරියේ නැත."

හදීසයේ හරය

  1. හයිල් හෙවත් ඔසප් තත්ත්වයෙන් පසු කාන්තාවගේ යෝනි මාර්ගයෙන් වහනය වන දියර, එය තද රතු වර්ණයෙන් හෝ කහ වර්ණයෙන් තිබුණ ද ඒ ගැන සැළකිලිමත් වූයේ නැත.
  2. හයිල් කාලයේ දී බොර වර්ණයෙන් හා කහ වර්ණයෙන් රුධිරය වහනය වෙයි. එය එම කාලය තුළ වහනය වන රුධිරය වන බැවින් පොදුවේ ඔසප් තත්ත්වය ලෙස සැළකේ. නමුත් එය ජලය සමග මුසු වූ විටෙක එසේ සැළකෙන්නේ නැත.
  3. පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය හේතුවෙන් කාන්තාව සලාතය හෝ උපවාසය අත් නොහැරිය යුතුය. ඇය වුළු ගෙන සලාතය ඉටු කළ යුතු වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (54)
අමතර