عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الكِتَابِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 756]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 756]

විවරණය

සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමෙන් තොරව සලාතය වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය සෑම රකඅතයකම කළ යුතු 'රුක්න්' හෙවත් සලාතයේ මූලිකාංගයකි.

හදීසයේ හරය

  1. සූරා අල්-ෆාතිහාව කියවීමට හැකියාව තිබිය දී එය වෙනුවට වෙනත් සූරාවක් පාරායනය කිරීම අනුමත වන්නේ නැත.
  2. සූරා අල්ෆාතිහා සලාතයේ එක් මූලිකංගයක් වන බැවින් උවමනාවෙන් හෝ නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ එය පාරායනය කරනු නොලබන්නේ නම් එම රකආතය අවලංගුය. රුක්න් හෙවත් මූලිකාංග පොදුවේ අත්හැරිය නොහැක.
  3. ඉමාම් රුකූඃ ඉරියව්වට ළඟා වූ විට සූරා අල්-ෆාතිහා පාරායනය මඃමූම්ගෙන් මඟ හැරෙනු ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (54)