عن عثمان بن عفان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: "ما منْ امْرِئٍ مسلم تَحْضُرُهُ صلاة مكتوبة فَيُحْسِنُ وضوءها؛ وخشوعها، وركوعها، إلا كانت كفَّارة لما قبلها من الذنوب ما لم تُؤتَ كبيرة، وذلك الدهر كلَّه".
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර්යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනයත් එහි බැතිමත්භාවයත් ඊට අදාළ මූලිකාංගත් අලංකාර අයුරින් පිරිසිදු කර ගන්නේ ද ඊට පෙර පැවති පාපකම් වලට ඔහු මහා පාපයක් නොකරන තාක් කල් එය ප්රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

"c2">“කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා” මුස්ලිම් කාන්තාවද එලෙසමය. "c2">“ඔහුට අනිවාර්යය සලාතය ළඟා වී” එනම් එහි වේලාව පැමිණ, ඔහු එය ඉටු කිරීම සඳහා අමතනු ලබන්නකි. "c2">“පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනයත්” ආගමික නීතිය පවසා ඇති පරිදි එය ඉටු කර, "c2">“එහි බැතිමත්භාවයත් ඊට අදාළ මූලිකාංගත්” වුළූවෙහි සෙසු මූලිකාංග එනම් අනිවාර්යය වූ හා නබි චරිතයේ දක්නට ඇති සියලුම ස්වරූපයන් පූර්ණ ලෙස ගෙනැවිත් ඉටු කිරීමයි. වුළූ අලංකාරව ඉටු කිරීම යනු: සියලුම අනිවාර්යය කරුණු, නබි චරිතයේ දක්නට තිබූ සියලු අතිරේක හා විනයන් පිළිපැදීමය. එහි බැතිමත්භාවය හා මූලිකාංග යහපත් ලෙස ඉටු කිරීම යනු පූර්ණ ලෙස පිළිගැන්වීම හා ඉදිරිපත් කිරීමය. "c2">“එය වනු ඇත.” එනම් එම සලාතය "c2">“ප්රතිකර්මයක්” බවට වනු ඇත. "c2">“ඊට පෙර පැවති පාපයන්” එනම් සුළු පාපයන්. "c2">“මහා පාපයක් නොකරන තාක් කල්” එනම් මහා පාපකම් සිදු කර නොමැති නම්, "c2">“එය” එනම් අලංකාර ලෙස වුළූ හා බිය බැතිමත් භාවය පූර්ණවත් කිරීම තුළින් සඳහන් වූ පාපකම් මකා දමනු ඇත. "c2">“කාලය පුරාවටම පවතිනු ඇත.” එනම් සෑම කාලයකම කුඩා පාපයන් සඳහා සමාව දීම පොදු වන්නක් බව අවධාණය කරයි. සැබැවින්ම එය මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ගෞරවණීය යුගයට හෝ සහාබාවරුන්ගේ යුගයට පමණක් සීමාවූවක් නොවන්නේය. එය සෙසු කාලවලටත් පොදු වූවක් වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර