عَنْ عُثْمَانَ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«مَا مِنَ امْرِئٍ مُسْلِمٍ تَحْضُرُهُ صَلَاةٌ مَكْتُوبَةٌ فَيُحْسِنُ وُضُوءَهَا وَخُشُوعَهَا وَرُكُوعَهَا، إِلَّا كَانَتْ كَفَّارَةً لِمَا قَبْلَهَا مِنَ الذُّنُوبِ، مَا لَمْ يُؤْتِ كَبِيرَةً، وَذَلِكَ الدَّهْرَ كُلَّهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 228]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට අදාළ මූලිකාංග නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල් ඊට පෙර පැවති පාපකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 228]
කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර්යය සලාතයේ වේලාව ප්‍රවේශ වී, ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය නිසිලෙස කරමින් එය පූර්ණවත් කර, අල්ලාහ්ගේ තේජාන්විතභාවය ඉදිරියට ගෙනැවිත් ඔහු වෙත තම සිත හා සෙසු අයවය පිහිටවා තම සලාතයේ බැතිමත් භාවය රකිමින් සලාතයේ රුකූඋ, සුජූද් හා සෙසු ඉරියව්වන් පූර්ණවත් කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල්, ඊට පෙර සිදු කළ කුඩා පාපකම් වලට එම සලාතය ප්‍රතිකර්මයක් වනු ඇත. මෙම භාග්‍යය කාලය පුරාවටම පවතින අතර සෑම සලාතයකම සිදුවනු ඇත.