+ -

عَنْ أَنَسٍ رَضيَ اللهُ عنه قَالَ:
مِنَ السُّنَّةِ إِذَا قَالَ الْمُؤَذِّنُ فِي أَذَانِ الْفَجْرِ حَيَّ عَلَى الْفَلَاحِ، قَالَ: الصَّلَاةُ خَيْرٌ مِنَ النَّوْمِ.

[صحيح] - [رواه ابن خزيمة والدارقطني والبيهقي] - [صحيح ابن خزيمة: 386]
المزيــد ...

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉබ්නු හුසයිමා එය වාර්තා කර ඇත - ඉමාම් බයිහකී එය වාර්තා කර ඇත - ඉමාම් අද් දාරකුත්නී එය වාරතා කර ඇත]

විවරණය

විශේෂයෙන් ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසීමෙන් පසුව 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම නබි පිළිවෙත තුළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිගත් කරුණක් බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.

හදීසයේ හරය

  1. 'නබි පිළිවෙතින්' යන ප්‍රකාශය වනාහි: ඉන් අදහස් කරනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතයි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ආරෝපණය කරනු ලැබ ඇත.
  2. ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසීමෙන් පසුව 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි දෙවරක් ඔහු විසින් පැවසීම සතුටුදායක වේ. මක්නිසාදයත් ෆජ්ර් සලාතය පොදුවේ ජනතාව නිදා සිටින වේලාවක් මෙන්ම සලාතය සඳහා ඔවුන් නින්දෙන් අවදිවන වේලාවක් වන බැවිනි. ‌එහෙයින් වෙනත් සලාත් සඳහා මෙම කියමන නියම නොකර ෆජ්ර් සලාතය සඳහා පමණක් නියම කර ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා ස්වාහිලි الدرية الرومانية المجرية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර