عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللهُ عَنْهُمَا:
أَنَّ تَلْبِيَةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَبَّيْكَ اللهُمَّ، لَبَّيْكَ، لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ» قَالَ: وَكَانَ عَبْدُ اللهِ بْنُ عُمَرَ رَضِيَ اللهُ عَنْهُمَا يَزِيدُ فِيهَا: لَبَّيْكَ لَبَّيْكَ، وَسَعْدَيْكَ، وَالْخَيْرُ بِيَدَيْكَ، لَبَّيْكَ وَالرَّغْبَاءُ إِلَيْكَ وَالْعَمَلُ.
المزيد
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්රශංසා ද, භාග්යයන් ද, පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.) අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඊට අමතර ව “ලබ්බයික් ලබ්බයික් වසඃදයික් වල් කඃයිරු බියදයික් ලබ්බයික් වර්රුග්බාඋ ඉලයික වල් අමලු” යැයි පැවසීය. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. යහපත පතා පැමිණියෙමි. සියලු යහපත ඔබ සතුය. ඔබ අසලට පැමිණියෙමි. ඔබ වෙත කැමැත්තෙන් පැමිණියෙමි. සියලු ක්රියාවන් ඔබ වෙතය.