عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
أَوْصَانِي خَلِيلِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِثَلاَثٍ: صِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1981]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 1981]
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා තම මිතුරා වූ ද තම සගයා වූද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන්ට කරුණු තුනක් ගැන උපදෙස් දුන් බවත් ඒ පිළිබඳ ප්‍රතිඥා ගත් බවත් මෙසේ දන්වා සිටියේය.
පළමුව: සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම.
දෙවනුව: සෑම දිනකම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම.
තුන්වනුව: නින්දට යාමට පෙර විත්ර් සලාතය ඉටු කිරීම. එසේ ඉටු කරනු ලබනුයේ අවසන් රාත්‍රියේ අවදිවීමට නො හැකැයි බියවන කෙනෙකු හටය.