عن أبي عبيد، مولى ابن أزهر، قال: شهدت العيد مع عمر بن الخطاب رضي الله عنه ، فقال: هذان يومان نهى رسول الله صلى الله عليه وسلم عن صيامهما: يوم فطركم من صيامكم، واليوم الآخر تأكلون فيه من نُسُكِكُم.
[صحيح] - [متفق عليه]
المزيــد ...

ඉබ්නු අස්හර්ගේ සේවකයකු වූ අබූ උබෙයිද් හෙවත් සඃද් ඉබ්නු උබයිද් තුමා විසින් වාර්තා කරන ලදී. උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා සමග අවුරුදු සලාතයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා "c2">“මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කීර්තිමත් අල්ලාහ් මුස්ලිම්වරුන් වෙනුවෙන් උත්සව දෙකක් නියම කළේය. ඒ සෑම උත්සවයක්ම ආගමික සළකුණු හා බැඳී පවතී. ඊදුල් ෆිත්ර් උත්සව දින උපවාසය සම්පූර්ණ කිරීමෙන් බැඳී ඇත. එහෙයින් උපවාසය නිමා කළ පසු අල්ලාහ් නියෝග කළ පරිදි උපවාසයෙන් නිමා කිරීමට හිමි වූ ආශිර්වාදය නිරූපණය කරමින් උපවාසයේ ආශිර්වාදරය සම්පූර්ණ කිරීම වෙනුවෙන් අල්ලාහ්ට කෘතඥ වෙමින් එම දිනයේ උපවාසයෙන් මිදීම මුස්ලිම්වරයා මත අනිවාර්යය වන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "c2">“කාල ගණන පූර්ණ කරනු පිණිසත්, නුඹලාව යහමගට යොමු කළ අල්ලාහ්ව නුඹලා මහිමයට පත් කරනු පිණිසත්. නුඹලා කෘතවේදීන් වනු පිණිසත්ය.” දෙවන දිනය වනුයේ ඊදුල් අළ්හා හොවත් හජ් උත්සව දිනයයි. එය පරිත්යාගය සත්ව කැපය යන සංඛේතයෙන් බැඳී ඇත. සැබැවින්ම ජනයා එදින පරිත්යාග කරති. සතුන් කැප කරති. ඒවා අනුභව කරමින් අල්ලාහ්ගේ සංඛේතයන් නිරූපණය කරති. ඒ අනුව මෙම දින දෙකෙහි උපවාසය අත්හැරීම මුස්ලිම්වයා වෙත අනිවාර්යය විය. එමෙන්ම ඒ දෙකෙහි උපවාසය නිරත වීම තහනම් විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර