عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ نَسِيَ وَهُوَ صَائِمٌ فأَكل أو شَرِب، فَلْيُتِمَّ صَوْمَهُ، فَإِنَّمَا أَطْعَمَهُ الله وَسَقَاهُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කරත්වා! සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයා දී ඇත්තේ අල්ලාහ්ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ඉස්ලාමීය ෂරීආ පිළිවෙත පහසු හා සැහැල්ලු භාවය පදනම් කර ගත්; දැරිය හැකි ප්රමාණයක් පමණක් පැවරූ; තම හැකියාවට හෝ තෝරා ගැනීමේ නිදහසට (කැමැත්තට) බැහැර වූ කරුණු සඳහා වරදකරුවන් ලෙස හසු කර නොගත් එම පදනම මත ගොඩ නැගුණු පිළිවෙතකි. කවරෙකු ආහාර ගැනීම, පානය කිරීම හෝ ඒ හැර උපවාසය කඩ කරන කරුණක් රමළාන් කාලයේ හෝ වෙනත් උපවාස කාලවලදී හෝ සිදු කරන්නේ ද ඔහු ද මේ අතරට පත් වන්නේ ය. එබැවින් ඔහු තම උපවාසය පූර්ණ කරත්වා! සැබැවින්ම එයයි නිවැරදි වන්නේ. ඊට හේතුව සැබැවින්ම එය ඔහු කැමැත්තෙන් සිදු කළ එකක් නොවේ. එය කිසිදු චේතනාවකින් තොරව මිනිසා අමතක වීමෙන් සිදු කළ ක්රියාවක් වන බැවින් ඔහුගේ උපවාසයට පළුද්දක් නොවන්නේ ය එමෙන්ම බලපෑමක් ද නොවන්නේය. සැබැවින්ම ඔහුට ආහාර පාන සපයා ඇත්තේ අල්ලාහ්ය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර