عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لا تَقَدَّمُوا رمضان بصوم يوم، أو يومين إلا رجلًا كان يصوم صومًا فَلْيَصُمْهُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කළින් ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා!
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මෙම හදීසයේ රමළාන් මාසයේ උපවාසය දිනකින් හෝ දින දෙකකින් හෝ ඒ සමග සම්බන්ධ කරමින් කල් ඇතිව ඉටු කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළ බවත් උදාහරණ වශයෙන් සඳුදා දින උපවාසයේ නිරතවන්නාක් මෙන් පුරුද්දක් වශයෙන් ඔහු උපවාසයේ නිරතවන දිනයක් නම් එයද රමළානයට පෙර දිනකින් හෝ දින දෙකකින් පිහිටා ඇත්නම් උපවාසයේ නිරත වීම වරදක් නොවන්නේය. යැයි අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා ඇත. මන්දයත් නිදහසට කරුණු එහිදී ඉවත්ව ඇති බැවිනි. එම නිදහසට කරුණ නම් නැමදුමක් නොවන දැයක් එහි ඇතුළත් කිරීමයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර