عن عبد الله بن عمر رضي الله عنهما قال: «فَرَضَ رسول الله صلى الله عليه وسلم صَدَقَةَ الفطر -أو قال رمضان- على الذَّكر والأنثى والحُرِّ والمملوك: صاعا من تمر، أو صاعا من شعير، قال: فَعَدَل الناس به نِصْفَ صَاعٍ مِنْ بُرٍّ، على الصغير والكبير». وفي لفظ: « أن تُؤدَّى قبل خروج الناس إلى الصلاة»
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසමින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පුරුෂයා හා කාන්තාව කෙරෙහි ද නිදහස් පුද්ගලයා හා වහලා කෙරෙහි ද රට ඉඳි වලින් එක් සාඃ එකක ප්රමාණයක් හෝ තිරිඟු වලින් එක් සාඃ එකක ප්රමාණයක් හෝ සදකතුල් ෆිත්රා (නැතිනම් රමළානයේ) නිකුත් කිරීම අනිවාර්යය කළහ. කුඩා අයට හා වයෝවෘද්ධ අයට තිරිඟු වලින් සාඃ අඩකට එය ජනයා නිර්ණය කළෝය.” තවත් වාර්තාවක “ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර ඉටු කරනු ලැබීය."
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සියලුම මුස්ලිම්වරුන්හට සදකතුල් ෆිත්ර් අනිවාර්යය කළහ. එනම් අවුරුදු දිනයෙහි ඔවුන්ගේ ආහාරවලට අමතරව සාඃ එකක ප්රමාණයකින් යමක් ඔවුන් සතුව තිබූ විටෙක ඔවුන්ගේ වැඩිහිටියන්, දරුවන්, පිරිමින්, කාන්තාවන්, නිදහස් පුද්ගලයින්, වහලුන් යනාදි අය වෙනුවෙන් රට ඉදි එක් සාඃ එකක ප්රමාණයක් හෝ තිරිඟු එක් සාඃ එකක ප්රමාණයක් හෝ නිකුත් කිරීමය. එය දුප්පත් මුස්ලිම්වරුන්ගේ අයිතියෙහි පරිශ්රමය යෙදීම හා අනුකම්පාව දැක්වීමේ සාධකයක් වනු ඇත. ඒ අනුව සකාතුල් ෆිත්ර් අනිවාර්යය වී ඇති අතර එම අනිවාර්යය කටයුත්ත තමන් යටතේ යැපෙන කාන්තාවන් දරුවන් වහලුන් යනා දී අය වෙනුවෙන් ගෘහමූලිකයා ලෙස කටයුතු කරන පවුලේ භාරකරු වෙත යොමු කර ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර