عن عائشة رضي الله عنها : "أن حَمْزَةَ بن عَمْرٍو الأَسْلَمِيَّ قال للنبي صلى الله عليه وسلم : أصوم في السفر؟ - وكان كثير الصيام- فقال: "إن شئتَ فصُم، وإن شئت فَأَفْطِرْ".
[صحيح] - [متفق عليه]
المزيــد ...

ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හම්සා්සාබ්නු අම්ර් අල් අස්ලමී තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් “ගමනේදී මම උපවාසය රකින්නදැ“?යි විමසා සිටියේය. -ඔහු අධික ලෙස උපවාසය රකින්නෙකු විය.- එවිට එතුමා: “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම හම්සා ඉබ්නු අම්ර් අල් අස්ලමී- රළියල්ලාහු අන්හු- තුමා තමන් ගමනේදී උපවාසයේ නිරත වීම ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටි බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය දන්වා සිටියාය. එවිට එතුමා උපවාසය රැකීම හා ඉන් මිදීම යන කරුණු දෙකින් එකක් තෝරාගන්නට කැමැත්ත ලබා දුන්හ. ඒ අනුව එතුමා මෙසේ පවසා සිටියහ. “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ මෙයින් අදහස් කරනුයේ අනිවාර්යය උපවාසය පිළිබඳවයි. එය අල්ලාහ්ගෙන් වූ අවකාශයකි යැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා ඇත්තාහ. එතුමා විමසා සිටියේ අනිවාර්යය උපවාසය ගැන බව මෙය වටහා දෙයි. ඉමාම් අබූ දාවූද් දන්වා සිටි හදීසයක් ද එයට සාධක වශයෙන් පිහිටා ඇත. එතුමා මෙසේ පවසා ඇත. අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම වාහනයක හිමිකරුවකි. මම උගෙන් වැඩ ගනිමි. ඒ මත නැග ගමන් කරමි. ඌ අතහැර දමමි. ඇතැම් විට මෙම මාසයේ ඌ මට හරහට සිටියි. එනම් රමළාන් මාසයේ. මම (උපවාසය රකින්නට) ශක්තිය දරමි." සැබැවින්ම ඔහු අනිවාර්යය මෙන්ම අතිරේක යන උපවාසයන් ගැන පොදුවේ විමසා සිටි බවට 'එතුමා අධික ලෙස උපවාසයේ නිරතවන්නෙකු වූහ' යන ප්රකාශය උසුලා ඇත. මෙමගින් පැහැදිලි වනුයේ සැබැවින්ම ගමනේදී උපවාසයෙන් මිදීම අල්ලාහ්ගෙන් වූ අවකාශයක් වන බවය. කවරෙකු එම අවකාශය ගන්නේද ඔහුට එහි කුසල ඇති වන්නේය. කවරෙකු උපවාසයේ නිරත වූයේද එය ඔහුට අනුමත වන්නේය. තමන් වෙත අනිවාර්යය දෑ ඉටු කිරීමක් ලෙස ඔහුගේ උපාවාසය සැළකේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර