عن أَبِي الدَّرْدَاءِ رضي الله عنه قال: «خَرَجْنَا مع رسول الله صلى الله عليه وسلم في شهر رمضان، في حَرٍّ شَدِيدٍ ، حتى إن كان أَحَدُنَا لَيَضَعُ يَدَهُ على رأسهِ من شِدَّةِ الْحَرِّ. وما فِينَا صائمٌ إلا رسولُ الله صلى الله عليه وسلم وعبد ُالله بن رَوَاحَةَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ දර්දා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දැඩි උෂ්ණත්වයක් පැවති රමළාන් මාසයක අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සමග පිටත්ව ගියෙමු. අප අතුරින් ඇතැමුන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් තම අත තම හිස මත තබන තරම් විය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබ්දුල්ලා ඉබ්නු රවාහා තුමා හැර උපවාසයේ නිරතව සිටින වෙන කිසිවකු අප අතර නොවීය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අබූ දර්දා තුමා මෙසේ දන්වා සිටියි. තමන් රමළාන් මාසයේ ගමනක් සඳහා පිටත්ව ගියෝය. එය දැඩි උෂ්ණත්වයක් සහිත දිනයක් විය. ඒ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මිනිසා ඉන් ආරක්ෂා වීමට තම අත තම හිස මත තබන තරම් එය දැඩිව පවතින. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා අබ්දුල්ලාහ් ඉබ්නු රවාහා අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා හැර උපවාසයේ නිරතවුනු වෙන කිසිවකු නොවීය. ඔවුන් දෙදෙනා එම උෂ්ණත්වය දාරා ගෙනම උපවාසයේ නිරත වූහ. හානියක සීමාව වෙත ළඟා නොවන තරම් දුෂ්කරත්වයක් දරා ගත හැකි නම් ඒ සමග ගමනේදී උපවාසය රැකීමට අනුමැතිය ඇති බව මෙම හදීසය පෙන්වා දෙයි. තය්සීරුල් අල්ලාම් (පිටුව 327), තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/432), තඃසීසුල් අහ්කාම් (3/241)

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය