+ -

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُما قَالَ:
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَرَأَى زِحَامًا وَرَجُلًا قَدْ ظُلِّلَ عَلَيْهِ، فَقَالَ: «مَا هَذَا؟»، فَقَالُوا: صَائِمٌ، فَقَالَ: «لَيْسَ مِنَ البِرِّ الصَّوْمُ فِي السَّفَرِ»، وَفِي لَفْظٍ لِمُسلِمٍ: «عَلَيْكُمْ بِرُخْصَةِ اللهِ الَّذِي رَخَّصَ لَكُمْ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1946]
المزيــد ...

ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්‍රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1946]

විවරණය

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු දුටුහ. ඔහු වටා මිනිසුන් එක්රැස් වී හිරු රෂ්මියෙන් හෙවණ ලබා දෙමින් සිටියහ. ඔහු අධික තිබහයකින් පසු විය. එවිට එතුමාණෝ ඔහුට කුමක් සිදු වී ඇත්තේ දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසයේ නිරත ව සිටින අයෙකි' යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ 'ගමනක උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි. ඔබට අල්ලාහ් ලබා දී ඇති අවකාශයන් (සහනයන්) පිළිපැඳීම ඔබ සතු වගකීමකි' යැයි පැවසූහ. 

හදීසයේ හරය

  1. ඉස්ලාමීය පිළිවෙත් පහසු කර තිබීම ගැන විස්තර කිරීම.
  2. ගමනකදී උපවාසයේ නිරත වීමට අවසරය තිබෙනවාක් මෙන්ම උපවාසයෙන් මිදීමේ සහනය පිළිපැදීමට ද අවසරය ඇත.
  3. ගමන දුෂ්කර නම් එවිට එම ගමනේ දී උපවාසයේ නිරත වීම පිළිකුල් සහගත ය. එය ජීවිතය විනාශ කරන තරමට දුෂ්කර වී නම් එවිට උපවාසයේ නිරත වීම හරාම් (තහනම්) වේ.
  4. නවවි තුමා මෙසේ පවසයි: "ගමනේ දී ඔබ උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතරින් නොවේ යන ප්‍රකාශයේ අදහස: 'එය ඔබට දුෂ්කර වූ විටෙක ඔබට හානියක් ඇති වනු ඇතැයි බිය වූ විටෙක ය. හදීසයේ සන්දර්භය අර්ථ නිරූපණය කරන්නේ මෙයයි."
  5. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් ගැන සොයා බැලූ අතර ඔවුන්ගේ තත්වයන් පිළිබඳව විමසා සිටියහ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි තායිලන්ත ආසාමි الهولندية الغوجاراتية الدرية المجرية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය