+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَرًا بِبَابِ أَحَدِكُمْ يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسًا، مَا تَقُولُ ذَلِكَ يُبْقِي مِنْ دَرَنِهِ؟» قَالُوا: لَا يُبْقِي مِنْ دَرَنِهِ شَيْئًا، قَالَ: «فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الخَمْسِ، يَمْحُو اللَّهُ بِهِ الخَطَايَا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 528]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී අතැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?" යැයි විමසූහ. ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “පස් වාර සලාත්හි උපමාවද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 528]

විවරණය

සෑම රාත්‍රියකම හා දහවලකම ඉටු කරනු ලබන පස්වාර සලාතය, සුළු වැරදි හා පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වීම හා ඒවා ඉවත් වීමට හේතුවීම අතින් මිනිසකු තම දොරටුව අසළින් ගලා යන ගඟක සෑම දිනකම පස් වරක් ස්නානය කර ඔහුගේ ශරීරයේ කිසිදු කිලිට්ටක් ඉතිරිව නොපැවතීම උපමා කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ.

හදීසයේ හරය

  1. මෙම භාග්‍යය විශේෂයෙන් සුළු පාපකම්වට පමණක් ප්‍රතිකර්මයක් වීම. මහා පාපයන් සඳහා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැද සිටිය යුතු වේ.
  2. පස්වාර සලාතය ඉටු කිරීමේ මහිමය. ඒවායෙහි කොන්දේසී, මූලිකාංග, අනිවාර්යය හා වෛකල්පිත දෑ පිළිපදිමින් එය ප්‍රවේසමින් ඉටු කිරීමේ මහිමය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර