+ -

عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَثَلُ الْمُؤْمِنِينَ فِي تَوَادِّهِمْ وَتَرَاحُمِهِمْ وَتَعَاطُفِهِمْ مَثَلُ الْجَسَدِ، إِذَا اشْتَكَى مِنْهُ عُضْوٌ تَدَاعَى لَهُ سَائِرُ الْجَسَدِ بِالسَّهَرِ وَالْحُمَّى».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2586]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනෙහස පෑමෙහි ද ඔවුන් එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විඳින විට අවදිව සිටීමෙන් හා උණ ගැනීමෙන් ශරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරයුම් කරන ශරීරයේ උපමාව මෙනි."

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මුස්ලිම්වරුන් එකිනෙකා අතර අන්‍යෝන්‍යව පෙන්වන යහපත් ආදරය, කරුණාව හා උදව් උපකාරය, ඔවුනට යම් හානියක් ඇති වූ විට වේදනාව දැනීම ශරීරයක උපමාව හා සමාන විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඉන් එක් අයවයක් රෝගාතුර වූ විටෙක මුළු ශරීරයම උණෙන් හා අවදියෙන් තබනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الدرية الصومالية المالاجاشية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතු අතර ඔවුන් එකිනෙකාට සහය වීමටත් කරුණාව පෙන්වීමටත් උනන්දු කළ යුතුය.
  2. ආදරණීය, ත්‍යාගශීලී හා විශ්වාසී ජනයා අතරට තමන් ද පත් විය යුතු ය.
අමතර