عَنْ عَائِشَةَ أُمِّ المؤْمنينَ رَضيَ اللهُ عنها:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَرَجَ مِنَ الغَائِطِ قَالَ: «غُفْرَانَكَ».

[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 30]
المزيــد ...

දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود - 30]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළ පහ කිරීමෙන් තම අවශ්‍යතාව ඉටු කිරීමෙන් පසු බැහැරව ගිය විට 'ගුෆ්රානක' යැයි පවසා දෙවියනි! මම ඔබෙන් සමාව අයදිමි' යැයි පවසන්නෙකු වූහ.

හදීසයේ හරය

  1. තම ස්වභාවික අවශ්‍යතා ඉටු කර, එම ස්ථානයෙන් (වැසිකිලියෙන්) පිටත් වූ පසු ගුෆ්රානක යනුවෙන් ප්‍රකාශ කිරීම සතුටුදායකය.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සියලුම අවස්ථාවන්හි තම පරමාධිපතිගෙන් සමාව ඇයද සිටියහ.
  3. තම අවශ්‍යතා ඉටු කර වැසිකිලියෙන් පිට වූ පසු එසේ පාපක්ෂමාව ඉල්ලා සිටීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් පවසා සිටිය දී, එය අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය සඳහා තුතිවන්ත වීමේ දී දැක්වූ අඩුපාඩු හේතුවෙනි. තමන්ට වේදනා දෙමින් තිබූ දෑ පහසුවෙන්ම බැහැර වීමට සැළැස්වීම ද එම ආශිර්වාද අතරින් එකකි. වැසිකිලි අවශ්‍යතා ඉටු කරන ‌වේලාවේ ඔබව මෙනෙහි කිරීමෙන් මා වෙනතකට යොමුව සිටි බැවින් මම ඔබෙන් සමාව අයැද සිටිමි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (50)
අමතර