عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنه قَالَ:
إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى أَنْ يُسْتَنْجَى بِرَوْثٍ أَوْ عَظْمٍ، وَقَالَ: «إِنَّهُمَا لَا تُطَهِّرَانِ».

[صحيح] - [رواه الدارقطني] - [سنن الدارقطني: 152]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ. එමෙන්ම, "සැබැවින්ම ඒ දෙක පිරිසිදු කරන්නේ නැත" යැයි ද පවසා සිටියහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අද් දාරකුත්නී එය වාරතා කර ඇත] - [سنن الدارقطني - 152]

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මළ මූත්‍රා කිරීමෙන් පසු (සත්ව) ගොම, වියළුණු අපද්‍රව්‍ය හෝ අස්ථි කොටස් යොදා ගනිමින් පිරිසිදු කිරීම තහනම් කළ අතර එතුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම ඒවා අපවිත්‍ර දෑ ඉවත් නොකරයි. ඉන් පිරිසිදු නොකරයි."

හදීසයේ හරය

  1. වැසිකිලි යාමේ හා පිරිසිදු කිරීමේ ආචාර ධර්ම කිහිපයක් විස්තර කිරීම.
  2. ගොම යොදා ගනිමින් පිරිසිදු කිරීමේ තහනම: මක්නිසාදයත් එය අපිරිසිදුය. එසේ නැතහොත් එය ජින්නුන්ගේ සතුන්ට ආහාරයක් වන බැවිනි.
  3. අස්ථි යොදා ගනිමින් පිරිසිදු කිරීමේ තහනම: මක්නිසාදයත් එය ද අපිරිසිදුය. එසේ නැතහොත් එය ජින්වරුන්ගේම ආහාරයක් වන බැවිනි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර