+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ مَنَامِهِ فَلْيَسْتَنْثِرْ ثَلَاثَ مَرَّاتٍ، فَإِنَّ الشَّيْطَانَ يَبِيتُ عَلَى خَيَاشِيمِهِ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 238]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී:
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 238]

විවරණය

කිසිවකු හෝ නින්දෙන් අවදි වූ විටෙක, තම නාසය තුන් වරක් පිරිසිදු කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. 'ඉස්තින්සාර්' යනු, නාසය තුළට ජලය දමා එය සීරා බැහැර කිරීමය. ඊට හේතුව සැබැවින්ම ෂෙයිතාන් නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරන බැවිනි. එය සමස්ත නාසය වේ.

හදීසයේ හරය

  1. නින්දෙන් අවදි වන සෑම කෙනෙකු හටම නාසයේ ෂෙයිතාන් රැඳී සිටීමේ බලපෑම හේතුවෙන් එය ඉන් බැහැර කරනු වස් නාසය පිරිසිදු කිරීම ආගමානුගත කරන ලදී. ඔහු වුළූ ගන්නට යන විට එසේ නාසය පිරිසිදු කිරීමේ නියෝගය වඩාත් තහවුරු කරුණක් වේ.
  2. නාසය තුළට ජලය යවා පිරිසිදු කිරීම නාසය පිරිසිදු කිරීමේ පරිපූර්ණ ක්‍රමයයි. හේතුව නාසය පිරිසිදු කිරීම යනු නාසයේ ඇතුළත පිරිසිදු කිරීම වන බැවිනි. නාසය සීරීම යනු එහි තුළ ඇති කිලිට ජලය සමග බැහැර කිරීමය.
  3. රාත්‍රී නින්ද එයට සීමා කර ඇත්තේ 'රාත්‍රිය ගත කිරීම' යන පදය අනුවය. එහෙයින් සැබැවින්ම රාත්‍රිය ගත කිරීම යනු එය රාත්‍රියේ නින්දේදී මිස සිදුවන්නක් නොවේ. මන්ද එය දිගු හා පුළුල් ලෙස නිදා ගැනීමේ කාලයක් ලෙස සැලකෙන බැවිනි.
  4. ෂෙයිතාන් මිනිසා සමඟ සැම විට සිටින බව මෙම හදීසය තුළ පෙන්වා දී ඇත. නමුත් ඒ පිළිබඳ මිනිසා නොදනී.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية Kinyarwanda الرومانية المجرية الموري Malagasy Oromo Kannada الولوف الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර